Wednesday, March 8, 2017

ඔබගේ වටිනා භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට අපූරු කුඩා උපකරණයක්...

ඔබගේ වාහනය, ජංගම දුරකථනය නැති උවහොත් ? ඔබට එය සොයා ගැනීමට පහසු මගක් තිබෙනවාද?ශ්‍රී ලංකාවේ නම් මෙය ඉතා දුෂ්කර කටයුත්තක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ..නමුත් මෙවන් උපකරන සොයා ගැනීම පහසු කරවන අලුත් තාක්ෂණික මෙවලමක් දැන් ලෝකයට හදුන්වා දී තිබෙනවා..අද ලිපියෙන් ඒ පිළිබද සොයා බලමු...





TrackR නමැති මෙම කුඩා උපකරණය ඔබගේ ඕනෑම වටිනා භාණ්ඩයක් ආරක්ෂා කරගැනීමට යොදාගත හැකියි.මෙහි විශේෂත්වය ලෙස ඉතා සිහින් බවකින් යුතු වීම නිසා ඉතා පහසුවෙන් ඕනෑම භාණ්ඩයක සවිකර තැබිය හැකි වීමත් ජංගම දුරකතනයක් මගින් පාලනය කර හැකි වීමත් පෙන්වා දිය හැකියි..ඒ වගේම යම් හෙයකින් මෙය සවි කර ඇති භාණ්ඩයක් නැති උවහොත් තත්පර කීපයක් ඇතුලත ඔබට එය තිබෙන ස්ථානය සොයා ගැනීමට මෙම අපුරු මෙවලම භාවිතා කෙරන්න පුළුවන්.

මෙහි ඒකක මිලියන 4.5ක් පමණ  මේ වනවිටත් ලෝකය පුරා අලෙවි වී තිබෙනවා.ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල ජනතා ආකර්ශනයක් ලබා ගැනීමට සමත් ඌ මෙම උපකරණය ඇමරිකානු ජාතික chris Herbert  හා chistian smith යන සරසවි මිතුරන් දෙදෙනෙකුගේ අදහසක් මත නිර්මාණය වුවක්. chris Herbert  ගේ මෝටර් රථය මුහුදු වෙරලක් අසලදී නැති වීමට ගිය අවස්ථාවකදී ඇති වූ අදහසක් මත පදනම්ව 2009 වසරේදී නිර්මාණය කිරීමට ආරම්භ කරන ලද මෙය මේ වන විට ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්වෙනවා..

මෙය භාවිතා කිරීමත් ඉතා පහසුයි.ඔබට කරන්න තියෙන්නේ මෙම උපකරණය සමග පැමිණෙන මෘදුකාංගය ඔබගේ ජංගම දුරකතනයට ඇතුලත් කරගැනීමත් ඔබට අවශ්‍ය භාණ්ඩයට මෙම උපකරණය සවි කිරීමත් පමණයි..
විනාඩි 5 කටත් වඩා අඩු කාලයක් තුලදී මෙය භාවිතා කර හැකි ආකාරයෙන් සකස් කරගන්න ඔබට පුළුවන්.ඒ වගේම ඔබගේ වාහනයේ,ඔබගේ පසුම්බියේ,ජංගම දුරකතනයේ වගේ ඕනෑම උපකරණයක ඉතා පහසුවෙන් සවි කරන්නත් පුළුවන්..

ඔබගේ කාලයත්,මුදලුත් ඉතිරි කරගනිමින් ඔබගේ භාණ්ඩ සුරක්ෂිත කරගැනීමට යොදා ගත හැකි මෙම උපකරණය රුපියක් 3.500 ක් වැනි මුදලකට ඔබට ebay වැනි වෙබ් අඩවි හරහා ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා..

පින්තුර පෙළ,








තවත් මෙවන් ලිපියකින් හමු වෙමු..මෙයින් ඔබට ගත යුතු යමක් තිබුනා යැයි සිතෙනවා නම්, ඒ වගේම තවත් අයෙකුට ප්‍රයෝජනවත් වෙයි සිතනවා නම් facebook හරහා මෙය share කිරීමටත් අමතක කරන්න එපා..සුබ දවසක්!

ඔබට වඇදගත් විය හැකි ලිපි..

0 comments:

Post a Comment