Tuesday, May 9, 2017

ඊජිප්තුවේ සුරූපිනිය - ක්ලියෝපැක්ට්‍රා



රූපයෙන් සහ සහජ බුද්ධියෙන් පෞරාණික රෝමය දශක 3ක් පමණ පුරා තම අදිපත්‍යයට නතු කෙරගෙන සිටි එම සුරූපී කාන්තාව...ක්ලියෝපැක්ට්‍රා.....අද ලිපියෙන් ඇයගේ තොරතුරු විමසා බලමු..මෙම ලිපියත් ඔබගේ දැනුමට යමක් එකතු කිරීමට සමත් වුවක් නම් තව අයෙකු සමග share කර ගැනීමටත් අමතක කරන්න එපා.

ක්‍රිස්තු පුරව 332 පමණ අතීතයේදීත් දියුණු ශිෂ්ටාචාරයක් පැවති රෝමානු අදිරාජ්‍යයේ කැපී පෙනුන චරිතයක් වූ මැය පැරණි ඊජිප්තුව වසර 30කට ආසන්න කාලයන් අර්ධ රැජිනියක් ලෙස පාලනය කොට තිබෙනවා.Macedonia නමැති රජ වංශයේ අවසාන පුරුක වූ ඇයට භාෂා කිහිපයක දැනුම තිබූ අතර  ඇයගේ යටත් රාජ්‍යයන් තුනෙහිම ප්‍රභල පාලනයක් ගෙනයාමට හැකියාව තිබී තිබෙනවා.ඇයගේ ආලවන්තකම්/මායම් හා බුද්ධිමත් ලෙස ඇති කරගත් හමුදාමය ගිවිසුම් නිසාවෙන් රෝමයේ ප්‍රබලයන් වූ ජුලියස් සීසර් , මාර්ක් ඇන්තනී වැන්නන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඇයගේ මෙම පාලනය සාර්ථකව කරගෙන යාමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.බොහෝ දෙනා පවසන්නේ ඇයගේ කිසිවෙකුට සම කර නොහැකි සරාගී පෙනුම සහ විමොහාන හැකියාව ඇයව ඉතිහාසයේ නොමැකෙන නාමයක් බවට පත් කොට ඇති බවයි.

පුර්ව ජීවිතය සහ කිරුළට හිමිකම් කීම.

ඇයගේ ළමා විය පිලිබදව එතරම් විස්තර සදහන් වන්නේ නැහැ.ග්‍රීක රෝමානු ප්‍රාඥයන් ගෙන් ඉදිරිපත් වී ඇති කරුණු අනුව ඇය ක්‍රිස්තු පුර්ව 69 වන හෝ 70 වන කාලයේ ඔලෙටෙස් නමැති රජුගේ දියණිය ලෙස ඉපදී ඇති අතර ඇයගේ මව ලෙස සැලකෙන්නේ රජුගේ බිරිද සහ ඔහුගේ අර්ධ සහෝදරිය වූ 5 වන ක්ලියෝපැක්ට්‍රා ට්‍රිපෙයිනා නමැත්තියයි.රජුගේ ස්වභාවික මරණය හේතුවෙන් 18 හැවිරිදි ක්ලියෝපැක්ට්‍රාට සහ ඇයගේ බාල සොහොයුරා වන 13 වන ප්ටෝලමි නැමැත්තාට ඔටුන්නේ අයිතිය හිමි වනවා. 

කෙසේ උවත් ප්ටෝලමිගේ උපදේශකයන් ගේ පෙරත්තට ඔහු විසින් ක්ලියෝපැක්ට්‍රාව සිරියාවට පලවා හරිනවා.එහිදී ඇය කුලී හේවායන්ගේ හමුදාවක් සකස් කර ගන්නා අතර එම වසරේදීම පෙලුසියමෙදී ප්ටෝලමිගේ හමුදාවන් සමග සටන් කිරීමට ඉදිරිපත් වනවා.එකල නැගී එමින් සිටි අදීරාජ්‍යයෙකු වූ ජුලියස් සීසර් ගේද උදව් ඇතිව මාස 4 ක පමණ යුද්දයකින් ප්ටෝලමිගේ හමුදාවන් පසු බැස්සවීමටත් ඔහුව පිටුවහල් කිරීමටත් සමත් වෙනවා.(බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහුව නයිල් නදියේ ගිල්වන්නට ඇති බවයි.)

ප්‍රභලයන් සමග තිබූ සබදතා.

ඉහත කී ජයග්‍රහණයත් සමග සීසර් ක්ලියෝපැක්ට්‍රා සහ 14 වන ප්ටෝලමි නමැති ඇයගේ බාල සොහොයුරා සිංහාසනයට පත් කරනවා.එමෙන්ම සීසර් සහ ක්ලියෝපැක්ට්‍රා කාලයක් ඊජිප්තුවේ එකට වාසය කරනවා.ක්‍රිස්තු පුර්ව 47 දී ඇය දරුවෙකු බිහි කරන අතර ඔහුව ප්ටෝලමි සීසර් ලෙස නම් කරනවා.බොහෝ දෙනා පිලි ගන්නේ ඔහු සීසර් ගේ දරුවෙකු බවයි. එබැවින් ඔහුව සීසරින්,කුඩා සීසර් යන නම් වලින් ආමන්ත්‍රණය කොට තිබෙනවා.

නැවත රෝමයට යන සීසර්ව හමු වීමට ඇය ක්‍රිස්තු පුර්ව 46 - 45 කාල වකවානුව තුල යම් දිනක තම බාල සොහොයුරා සහ පුතා සමග ගොස් තිබෙනවා.පසුව ක්‍රිස්තු පුර්ව 44දී සීසර් ඝාතනය වූ පසු ඇය නැවත ඊජිප්තුවට පැමිණ තිබෙනවා.මෙම පැමිණීමෙන් කිහිප දිනකට පසු ඇයගේ සොහොයුරු 14 වන ප්ටෝලමි ද මරණයට පත් වන අතර ඇයගේ අවුරුදු 3ක් වයසැති පුතා කිරුළේ සම හිමිකරු ලෙස නම් කර තිබෙනවා.මෙම කාලයේදී ඇය විසින් ඇයව අයිසිස් දෙවගන ලෙස තරයේ හදුන්වා දී තිබීමද විශේෂත්වයක්.

සීසර් ගේ මරණයෙන් දෙකඩ වී තිබු රෝමයේ (මාර්ක් ඇන්තනී , ඔක්ටෙවියන්,ලේපිඩ්ස් පිල සහ සීසර්ගේ ඝාතකයන් වූ බ්රුටස් සහ කසියස් පිල අතර) බලය අල්ලා ගැනීමේ සටනට ඇය විසින් මාර්ක් ඇන්තනී පිලට සහය පිණිස සීසර් විසින් රෝමයේ ස්ථාපිත කොට තිබූ සේනාංක 4ක් යවන අතර එම සටනින් මාර්ක් ඇන්තනී පිල ජය ගන්නවා.මේ හේතුවෙන් නැවතත් ඊජිප්තුවට රෝමයේ සහයෝගය හිමි වන අතර මාර්ක් ඇන්තනී වත් ඇයගේ වසගයට ගැනීමට ක්ලියෝපැක්ට්‍රා සමත් වෙනවා.ඒ අනුව ඔහු එම වසරේ ශීත සමය ඇලෙක්සැන්ඩ්රියාවේ ගතකරන අතර ක්‍රිස්තු පුර්ව 40දී පමණ ඔහු නැවත රෝමයට යන කාලයේදී ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුට උපත දෙනවා.ඔවුන් ඇලෙක්සැන්ඩර් හෙලියස් (ඉර) සහ ක්ලියෝපැක්ට්‍රා සෙලන් (සද) ලෙස නම් කරනවා.

බලය පෙරලීම

මාර්ක් ඇන්තනීගේ නීත්‍යානුකූල බිරිදගේ මරණයෙන් පසුව ඔහුගේ සමගාමී පාලකයා වූ  ඔක්ටෙවියන් සහෝදරියක් විවාහ කර ගැනීමට ඔහුට සිදු වනවා.ඊජිප්තුව ක්ලියෝපැක්ට්‍රාගේ පාලනය යටතේ යහමින් වර්දනය වෙමින් පවතිනවා.ක්‍රිස්තු පුර්ව 37 වසරේ දී පමණ ඇන්තනී නැවතත් ක්ලියෝපැක්ට්‍රාව හමුවන්නේ ඔහුගේ ඊජිප්තුවේ රදවා සිටින ඔහුගේ හමුදාව ඉවත් කරගැනීමට අවසර ඉල්ලීමටයි. කෙසේ වුවත් නැවතත් මොවුන් දෙදෙනා ආදරවන්තයන් බවට පත් වන අතර ක්ලියෝපැක්ට්‍රා ක්‍රිස්තු පුර්ව 36 දී තවත් පුතෙක් බිහි කරනවා.

පර්තියා අදිරාජ්යයට එරෙහිව මෙහෙයවන යුද්දයක් පරාජය වීමෙන් අනතුරුව ඇන්තනී ඔහුගේ බිරිදගේ අයිතිය ප්‍රතික්‍ෂේප කරමින් සීසර්ගේ පුතු ලෙස ක්ලියෝපැක්ට්‍රාගේ වැඩිමහල් පුතු රාජ්‍යය පාලනයට නම් කරනවා.එමෙන්ම ඔහුගේ නිවුන් දරුවන්වත් එහි ඉඩම් අයිතියට පත් කරනවා.මින් කුපිත වූ ඔක්ටෙවියන් ඇන්තනී ගේ සියලු බලතල පැහැර ගන්නවා.එමෙන්ම ක්ලියෝපැක්ට්‍රාට එරෙහිව යුද්දයක් ප්‍රකාශ කරනවා.

අවසානය

ක්ලියෝපැක්ට්‍රාගේ සහ ඇන්තනී ගේ හමුදාවන් පරාජයට පත් කරමින් ඔක්ටෙවියන් ගේ හමුදාවන් පාලනය අල්ලාගන්නා අතරතුර ඇන්තනී සහ ක්ලියෝපැක්ට්‍රා වෙන වෙනම පලායනවා.නමුත් එසේ යන විට අතරමගදී ඇන්තනී ට දැනගන්නට ලැබෙන්නේ ක්ලියෝපැක්ට්‍රා සිය දිවි හානි කොට ගෙන ඇති බවයි.මෙයින් කනගාටුවට පත් ඔහුද තම ජීවිතයට සමුදෙනවා.නමුත් ඇය ඇත්තටම සියදිවි නසාගෙන නොථිබූ අතර ඔක්ටෙවියන් ගේ සිරබාරයට පත් වී තිබෙනවා.ඇයගේ මරණය සිදුවී තිබෙන්නේ එම සිර ගෙයි සිටියදීයි. නමුත් එම මරණයට හේතුව සනාත වී නැහැ.

මෙම ලිපයත් ඔබට බොහෝ දේ ඉගෙනීමට දායක වන්නට ඇති.එසේ සිතෙනවා නම් මෙය තවත් අයෙකු සමග share කර ගැනීමට අමතක කරන්න එපා.

0 comments:

Post a Comment