Tuesday, March 21, 2017

ලෝකයේ දැනට නොනැසී පවතින ගෝත්‍රික වර්ග කිහිපයක්.



jemmey nelson නමත් චායාරුප ශිල්පියා විසින් කැමරා කාචයක සටහන් කරගත්, දැනට ලෝකයේ නොනැසී පවතින එමෙන්ම ඉතා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන ගෝත්‍රයන් කිහිපයකගේ චායාරුප හා තොරතුරු කිහිපයක් අද ලිපියෙන් ඉදිරි පත් කරන්නට බලාපොරොත්තු වෙනවා..

ඉහත සදහන් කරන ලද චායාරුප ශිල්පියාගේ මහත් කැපවීමෙන් සහ මහන්සියෙන් ලොව නොයෙකුත් අප්‍රසිද්ද ප්‍රදේශ වල වෙසෙන ගෝත්‍රිකයන් ගේ මෙම වටිනා පින්තුර කැමරා කාචයේ සටහන් කරගැනීමට හැකි වී තිබෙන අතර එම මහන්සිය නිසාම ඔවුන් ගැන වැඩි යමක් ලෝකයට දැනගැනීමට හැකි වුවා.එමෙන්ම තම වර්ගය රැකගැනීමට මහත් අරගලයක නිරත වී සිටින මෙම ගෝත්‍රිකයන් හට ශිෂ්ට සමාජයෙන් වන බලපෑම් හා තර්ජන අවම වීමටත් එම දැනුවත් වීම් මහත් සෙයින් වැදගත් වන්නට ඇති.

ඔහුගේ සම්පුරණ චයාරූප එකතුව Before They Pass Away නමැති කෘතියක් මගින් එලි දැක්වීමටත් ඔහු කටයුතු කොට තිබෙනවා..එම චයාරුප වලින් කිහිපයක් පහතින්,


asaro ගෝත්‍රිකයන්.

ඉන්දුනීසියාව හා පැපුවා නිව්ගේනියාව ආශ්‍රිතව ජීවත් වේ..




මඩ වලින් හා වෙස් මුහුණු වලින් තම ශරීරය අවරණය කරගෙන සිටින මෙම මිනිසුන් කොට්ටාශය විසි වන සියවසේ මද භාගයේදී බටහිර ජාතීන් විසින් සොයාගෙන තිබෙනවා.තනි වශයෙන් සිටියදී සාමකාමී උවත් මොවුන් කණ්ඩායම් වශයෙන් සිටියදී කලහකාරී මෙන්ම තම වර්ගයා වෙනුවෙන් සටන් වදින රණකාමී ගෝත්‍රයක්.



චීනයේ ධීවර ගෝත්‍රිකයන්.


පක්ෂීන් යොදා ගනිමින් දීවර කර්මාන්තයේ යෙදෙන මෙම චීන ජාතිකයින්ද ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නන් වශයෙන් සැලකෙනවා.මුහුදු ලිහිණින්,දියකාවන් වැනි පක්ෂීන් යොදාගනිමින් ඔවුන් මසුන් ඇල්ලීම සිදු කරනවා.එම පක්ෂීන් ගේ ගෙල ප්‍රදීශයෙන් ලනුවක් ගැට ගසා ඔවුන් දියට දැමීමයි මොවුන්ගේ ධීවර උපක්‍රමය.

maasai ගෝත්‍රිකයන්.

කෙන්යාව ආශිතව ජීවත් වේ..



තවත් රණකාමී ගෝත්‍රයක් ලෙස සැලකෙන මොවුන් කුඩා කල සිටම මිනිසකු වීමේ වගකීම් වටහාගැනීමට හා රනශූරයෙකු වීමට පුහුණු වෙනවා.රනශූරයෙකුගේ වගකීම වන්නේ තම ගෝත්‍රය අනෙක් මිනිසුන්ගෙන් හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා ක්රගනීමයි.


nenets ගෝත්‍රිකයන්.

සයිබීරියාව ආශ්‍රිතව ජීවත් වේ.


සංක්‍රමණික ගෝත්‍රයක් වන මොවුන් ඉතා ශීත කලාපයක් වන yamal අර්දද්වීපයේ නොයෙකුත් ප්‍රාන්ත වලට සංක්‍රමණය වෙමින් ජීවත් වෙනවා.අවුරුදු දසදහස් ගණනක පරිණාමයේ ප්‍රතිපලයක් ලෙස මොවුන්ට 50°C පමණ අඩු උෂ්ණත්වයක ජීවත් වීමේ හැකියාව පවතිනවා.



KOROWAI ගෝත්‍රිකයන්.

ඉන්දුනීසියාව හා පැපුවා නිව්ගේනියාව ආශ්‍රිතව ජීවත් වේ..



පැපුවා නෙව්ගීනියානු ගෝත්‍රයන් ගෙන් Koteka නමත් ශිෂ්ණ ආවරණය භාවිතා නොකරන ගෝත්‍රයක් ලෙස මොවුන් හදුන්වන්නට පුළුවන්..ඒ වෙනුවට මෙම ගෝත්‍රික පිරිමින් තම ශිෂ්ණය වෘෂණ කෝෂ අතර සිර කොට  කොළ වලින් සැදු කබයකින්  ශක්තිමත්ලෙස බැද තබා ගන්නවා.මෙම ගෝත්‍රිකයන් ලී වලින් තැනූ නිවස වල ජීවත් වන්නන්.

yali ගෝත්‍රිකයන්.

ඉන්දුනීසියාව හා පැපුවා නිව්ගේනියාව ආශ්‍රිතව ජීවත් වේ..


මොවුන් කදුකර වනාන්තර වල සැගවී ජීවත් වෙන ගෝත්‍රයක්.මෙම ගෝත්‍රිකයන් පිගිමි වරුන් ලෙසත් හදුන්වනු ලබනවා.

මෙවන් ගෝත්‍ර විශාල ප්‍රමාණයක් ලෝකය තුල ජීවත්ව සිට ඇති නමුත් ශිෂ්ටාචාරකරණයේ බලපෑම් නිසාවෙන් ඔවුන්ගෙන් බොහොයක් මෙලොවින් තුරන් වී ගොස් තිබෙනවා.දැනට සිටින ගොත්‍රයන්ටත් මෙම ශිෂ්ඨ සමාජ බලපෑම් වලින් අඩුවක් නැහැ.මොවුන්ගේ ජීවන අයිතිය සුරැකීම ශිෂ්ඨ මිනිසුන් වශයෙන් අපගේ වගකීමක් නොවේද?

තවත් මෙවන් ලිපියක් සමග හමු වෙමු..සුබ දවසක්.

වැදගත් විය හැකි තවත් ලිපි.




0 comments:

Post a Comment