ලොව ඇති ඉතා අලංකාර පොකුණු 12ක්
පිහිනීම ඉතාමත් විනෝදජනක සහ චමත්කාර අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.නමුත් ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරනලද අතිශය සුන්දරත්වයකින් යුතු පිහිනුම් තටාකයක් ඒ සදහා යොදාගත හැකි නම් එම හැගීම කෙසේ වේවිද?අද ලිපියෙන් ලෝකයේ පිහිටි එවැනි ඉතා අලංකාර, චමත්කාරජනක පොකුණු කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.එම විස්තරය පහතින්..
Roca Vecchia, ඉතාලිය.
ස්වාභාවික හුණුගල් පරයකින් සෑදුන පැහැදිලි නිල්වන් ජලයෙන් සමන්විත මෙම පොකුණ ලෝකයේ බොහෝ සංචාරකයන්ගේ සිත් වසග කරගැනීමට සමත් වී තිබෙනවා.එමෙන්ම එය ඉතාමත් සිත්ගන්නා සුළු සහ අනතුරු දායක නැති නෑමට උචිත ඉස්තානයක්.
Blue Lagoon Resort, අයිස් ලන්තය.
මෙය අයිස්ලන්තයේ පිහිටි ස්වභාවික උණුදිය උල්පතක්,මෙහි ජලයෙහි ගෙන්දගම්,සිලිකා වැනි බොහෝ ඛනිජයන් අන්තර්ගත වෙනවා.මෙයත් කාලාන්තරයක් තිස්සේ සංචාරකයන්ගේ සිත් වසග කරගැනීමට සමත් වුවක්.
Bondi Iceberg Public Pool, ඔස්ට්‍රේලියාව
මෙය ඔස්ට්‍රේලියාවේ ටස්මන් මුහුද සහ දකුණු මුහුදු තීරය එක්වන ස්ථානයේ පිහිටා ඇති තවත් අලංකාර පොකුණක්.වසර සිය ගණනක් සිට මෙලෙස පවතින මෙහි කෘතීම වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදුකොට තිබෙනවා.මීටර් 50ක් පමන දිගකින් යුතු මෙහි වැඩිපුර ඇත්තේ ලවණ මිශ්‍ර ජලයයි.
Giola, ග්‍රීසිය
මීටර් 8ක් පමණ උසකට නැගී ඇති ගල් පවුරුවකින් වට වූ මෙයත් ඉතා අලංකාර ස්වභාවික පොකුණක්.මෙය පිහිනුම් කරුවන්ට මෙන්ම කිමිදුම් කරුවන්ටද උචිත වන නමුත් මෙහි ජලය බැස යෑම තරමක් තදින් සිදු වෙනවා.
Devil’s Pool,සැම්බියාව
මෙයත් ඉතා අලංකාර මෙන්ම එක්තරා අනතුරු දායක ස්ථානයක්.මෙය පිහිටා තිබෙන්නේ වික්ටෝරියා නමැති දිය අල්ලේ කඩාහැලීමේ මායිමෙයි.
මෙයත් ලෝකයේ බොහෝ සංචාරකයන් ගේ අස රැදුණු ඉතාමත් අලංකාර ස්ථානයක්.අඩි 100ක්දි පමණ උස දීය ඇල්ලකින් කඩා හැලෙන නිල්පැහැ ජලයෙන් සපිරුණු මෙයද අනතුරකින් තොරව පිහිනීමට හැකි ස්ථානයක්.
Fairy Pools, ස්කොට්ලන්තය
ගල් වලින් වට වූ ගංගාවක ජලය රැදුණු ඉස්තානයක් වන මෙය පලිගු පැහැ ජලයෙන් සමන්විත වෙනවා.එමෙන්ම ඔබගේ නිවාඩුව ගත කිරීමට ඉතා අලංකාර ස්ථානයක්.
Hot Springs National Park,ඇමෙරිකාව
ඇමෙරිකාවේ ඇති තවත් අලංකාර උණුදිය උල්පත් වලින් සැදුණු පොකුණක්.මෙයද බොහෝ සංචාරකයන් ඇද බැද තබා ගැනීමට සමත් වුවක්.
Johnson’s Shut-Ins State Park,ඇමෙරිකාව
ඇමෙරිකාවේ ඇති තවත් අලංකාර පොකුණක්.ගල්කණු දහස් ගණනකින් සමන්විත මෙයද බොහෝ සංචාරකයන් ගේ අමතක නොවන ස්ථානයන්ගෙන් එකක්.
Dudu Blue Lagoon,ඩොමිනියානු ජනරජය
අඩි 100ක පමණ ගැබුරකින් යුතු මෙයද ලෝකයේ අලංකාර ස්ථානයන්ගෙන් එකක්.නැවුම් ජලයෙන් සමන්විත එමෙන්ම ඉතා නිස්කලංක පරිසරයකින් වටවී ඇති මෙම පොකුනෙහි තවත් විශේෂත්වයක් ලෙස ජලය යට ඇති කුඩා ගුහාවන් හදුන්වන්න පුළුවන්.බොහෝ කිමිදුම් කරුවන් විනෝදාංශයක් ලෙස මෙම ගුහාවන් නිරීක්ෂණය කිරීමට පුරුදු වී සිටිනවා.
Sliding Rock,ඇමෙරිකාව
ඇමෙරිකාවේ ඇති තවත් චිත්තාකර්ෂණීය, මනරම් ස්ථානයක් ලෙස මෙයද හදුන්වන්නට පුළුවන්.උතුරු කැරොලිනාවේ පිහිටි මෙම පොකුණ කුඩා ගල් කන්දක් පාමුල පිහිටා ඇති නොගැබුරු එමෙන්ම ඉතා මනරම් ඉස්ථානයක්.
Barton Springs Pool,ඇමෙරිකාව
මෙය ඉතා සුවිශේෂී පොකුණක් ලෙස හදුන්වන්නට පුළුවන්.අනෙක් පොකුණු ජලාශ මෙන් දිය උල්පතක් ආශ්‍රිතව ගලාබසින ජලයෙන් සමන්විත නොවූ පොළොවෙන් මතුවන ජලය රැදී පවතින මෙම සුවිශේෂී ස්ථානයද බොහෝ සංචාරකයන්ට අමතක නොවන ස්ථානයක්.
ඔබත් ලෝකයේ සංචාරයක යෙදෙන්නට බලාපොරොත්තු වන්නේ නම් මෙම ස්ථානයන් නැරබීමට යාමට අමතක කරන්න එපා.ඉතා අලංකාර, මනරම් එමෙන්ම මනස සැහැල්ලු කිරීමට සමත් මෙම ස්ථානයන් ස්වභාව ධර්මයේ අලංකාරත්වය නැවත මතක් කර දෙනවා නොවේද?.
අද ලිපියත් ඔබට වැදගත් වන්නට ඇති..මෙවන් තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තුවෙන් දිගටම අප සමග රැදී සිටින්න.
තවත් වැදගත් විය හැකි ලිපි..
0 comments:
Post a Comment