Sunday, May 21, 2017

ලෝක ඉතිහාසයේ බිහි වූ භයානක ශ්‍රේණිගත මිනීමරුවන්.

මිනිසුන්ට බොහෝ බිහිසුණු දේවල් කිරීමේ හැකියාව ඇති බවට ලෝක ඉතිහාසයේ බොහෝ සාක්ෂි තිබෙනවා.තවත් එවන් බොහෝ බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියා කිරීමට ස්වභාවයෙන්ම හුරු වූ එලෙස තවත් අයෙකුට රිදවීම හෝ සාහසික ලෙස මරාදැමීම තම විනෝදාංශය හෝ ජීවිතයේ අරමුණ කර ගත් එමෙන්ම තම අපරාද වසන් කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනා විශේෂිත මිනිසුන් පිරිසක් තමයි ශ්‍රේණිගත මිනීමරුවන්(serial killers) ලෙස හදුන්වන්නේ.අද ලිපියෙන් ලෝකයේ බිහි වූ එවන් බිහිසුණු මිනීමරුවන් කිහිප දෙනෙක් ගැන තොරතුරු විමසා බලමු.

01.H.H Holmes


H.H Holmes යනු 19 වන සියවසේ බිහි වූ ඉතා දරුණු මිනීමරුවෙක්.මිනිසුන් 200ක් පමණ සාහසික ලෙස ඝාතනය කර ඇති මොහු හෝටලයක් ලෙස තමන්ගේම වධකාගාරයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.



මොහුට අන්‍යයන්ව  වචනයෙන් තම වසගයට පත් කර ගැනීමේ විශේෂ හැකියාවක් තිබී තිබෙනවා.හෝටලයක් පවත්වාගෙන යමින් එයට පැමිණෙන අමුත්තන්ව බොහෝ සෙයින් තමන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.මෙම හෝටලය තමයි ඔහුගේ වදකාගාරය ලෙසට භාවිතා කර තිබෙන්නේ.එබැවින් එයට murder castle යන විශේෂිත නම ලැබී තිබෙනවා.

මොහු අතින් මියගිය බොහෝ පුද්ගලයන් ක්ලොරෆොර්ම් හෝ ගෑස් භාවිතා කොට හෝ ගෙල මිරිකා එසේත් නැත්නම් පහර දී ඝාතනය කොට තිබෙනවා.පසුව එම සිරුරු ඇසිඩ් භාවිතා කොට පුළුස්ස දමා ඇති අතර සමහරුන්ගේ ඇටකටු විකිණීමටත් මොහු කටයුතු කර තිබෙනවා.

2. Dennis Rader

BTK යන අනුවර්ත නාමයෙන් හදුන්වා ඇති මොහු ආරක්ෂක නලා(alarm) සවිකිරීමේ කාර්මිකයෙකු ලෙස රැකියාව කර තිබෙනවා.එහිදී මොහු ලබාගත් අත්දැකීම් භාවිතා කරමින් හොරෙන් නිවාස වලට ඇතුළු වී නිවැසියන් ඝාතනය කිරීමට මොහු පෙළබී තිබෙනවා.


විකුර්ති ලිංගික ආශාවන් ඇත්තෙකු වූ මොහු මුලින්ම පුසන් සහ බල්ලන් වැනි සතුන් ඝාතනය කොට තිබෙනවා.1974දී තම රැකියාව ලබාගත් පසු මිනිස් ඝාතනයන්ට යොමු වූ මොහු සමහර අවථාවන් වලදී තමන් කරන ලද මිනීමැරුම් පිලිභදව පොලීසියට හෝ මාධ්‍යයට පැවසීමටත් කටයුතු කොට තිබෙනවා.කෙසේ නමුත් එලෙස fox TV නාලිකාවට එවූ floppy තැටියක් යොදාගනිමින් මොහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

3. Amelia Elizabeth Dyer

වික්ටෝරියානු ජාතික කාන්තාවක් වූ මැය අනාථ ළමයින් බලාගන්නියක් ලෙස කටයුතු කර තිබුනා.තමන්ට හදාගැනීමට නොහැකි ළමුන් සිටින දෙමාපියන්ගෙන් එම ළමුන්ව බලාගැනීමට භාර ගනිමින් විශාල මුදලක් උපයා ගැනීමටත් ඇය සමත් වී තිබුනා.එලෙස භාරගත් ළමයින් සතු වටිනා ආභරණ, ඇදුම් පැළදුම් උගස් කර මුදල් ලබාගෙන පසුව ඔවුන්ව ඝාතනය කිරීමයි මැයගේ සිරිත වී තිබෙන්නේ.වසර 20ක් පමණ පුරා ඇය මෙලෙස ළමයින් 400ක් පමණ ඝාතනය කොට තිබෙනවා.


baby farming නමැති ඉහත ක්‍රියාවලියට අනුව අනවශ්‍ය ළමයින් හදා වඩා ගැනීමේ මුවාවෙන් මය මෙම ඝාතන සිදු කොට තිබෙනවා.මෙලෙස ළමයින් ඝාතනය කිරීමට ඇය යොදාගෙන තිබුනේ tape පටියක්, එයින් ගෙල සිරකොට එම අසරණ දරුවන්ව ඝාතනය කොට තිබුනා.මෙලෙස ගෙලෙහි tape පටියක් සහිත ළමුන් දෙස බලාසිටීමටත් ඇය මහත් කැමැත්තක් දක්වා ඇති බවයි පැවසෙන්නේ.මේ අයුරින් ඝාතනය කරන ළමුන්ගේ සිරුරු තමන් විසින්ම විනාශ කොට දැමීමටත් ඇය කටයුතු කොට තිබෙනවා.

4. Kenneth Bianchi

Hillside Strangler යන නමින්ද හදුන්වන මොහු රහස් පොලිස් නියෝජිතයෙක් ලෙස තමන්ව හදුන්වාදෙමින් තරුණියන් තම කාරයට නැග්ගා ගැනීමටත් ඉන් පසු තම රහස් ස්ථානයට ගෙනෙගොස් ඔවුන්ව දුෂණය කොට වධදී මරා දැමීමටත් හුරු වී සිටි අයෙක්.
කුඩා කල සිටම බොරු කීමටත් විවිධ වැරදී කිරීමටත් හුරුවී සිටි මොහු මිනී මැරීමට පෙලබී තිබෙන්නේ 1977 දී ඔහුගේ ඥාති සහෝදරයා වන Angelo Buono සමග Los Angeles නගරයට පමීනීමත් සමගයි.මොවුන් දෙදෙනාම එකතුවී තමයි ඉහත කී අපරාද සිදු කොට තිබෙන්නේ.මොවුන් දෙදෙනා විවිධ මිනීමැරීමේ ක්‍රම උත්සාහ කෙරමින් මෙම ගොදුරු වුවන්ව ඝාතනය කොට තිබෙනවා.ඉන් සමහරක් ලෙස විස එන්නත් කිරීම,විදුලි කම්පන ලබා දීම, carbon monoxide ශරීර ගත කිරීම හදුන්වන්න පුළුවන්.

5. Albert Fish

මොහු ළමා අපචාර කරුවෙක් එමෙන්ම මිනීමස් කන්නෙක් ලෙසට ප්‍රසිද්ද වූ අයෙක්.රස කැවිලි ආදී විවිධ දේ ලබා දෙමින් කුඩා පිරිමි දරුවන් ආකර්ෂණය කර ගන්නා මොහු පසුව එම පිරිමි ළමුන්ව වධදී ඝාතනය කොට තිබෙනවා.


කුඩා කාලයේ සිටම පිරිමි ළමුන් සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට පුරුදු වී සිට ඇති මොහු පසුව කුඩා පිරිමි දරුවන් හා ආබාධිතයන් පැහැරගෙන ගොස් දුෂණය කොට වදදී මරා දැමීමටත් ඔවුන්ගේ මස් අනුභව කිරීමටත් පුරුදු වී තිබෙනවා.මොහුගේ යුද වී තිබෙන්නේ මස් කැපීමට ගන්නා පිහියක්, මන්නා පිහියක් සහ අත් කියතක්.

පසුව Grace Budd නමැත්තෙකුගේ මිනී මැරුමක් සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වන ඔහු 1936 දී විදුලි පුටුවට යවනු ලැබුවා.

මෙවන් මානසික විකුර්තිතා සහිත භයානක පුද්ගලයන් අප සමාජයේත් බොහෝ සෙයින් ජීවත් වනවා ඇති,එවන් බොහෝ දෙනාට එම අසාමාන්‍ය රටා හිමි වී තිබෙන්නේ මිනිස් සමාජයේ ඇති කුරිරු භාවයට මුහුණ දීමට සිදු වූ නිසා වීමටත් බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.එබැවින් යහපත් සමාජයීය වෙනසක් තුලින් මෙවන් පුද්ගලයන් බිහි වීම බොහෝ සෙයින් වලක්වා ගැනීමට හැකි වේවි.





 

0 comments:

Post a Comment