ලෝකයේ ඇති ප්‍රසිද්දියට පත් නොවූ, නමුත් බොහෝ වැදගත් පෞරාණික ස්ථාන 10ක්.
ලෝකයේ වැදගත් ස්ථාන හා වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ලෙස අපි චීන මහා ප්‍රකාරය වැනි ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ගැන පමණක් දැනුවත් වුවත්, එතරම් ප්‍රසිද්ධ නොවූ නමුත් ඉතා පෞරාණික වැදගත්කමකින් යුත් ඒ වගේම ඉතා අලංකාර, පෞරාණික වාස්තු විද්‍යාවේ මහිමයන් විදහා පාන තවත් බොහෝ ස්ථාන තිබෙනවා..අද ලිපියෙන් ඒ වගේ ස්ථානයන් 10ක් පිළිබදව දැනුවත් වෙමු..
01.තමිල්නාඩුවේ මීනාක්ෂි අම්මාන් දේවාලය.
තමිල්නාඩුවේ ඇති මෙම දේවාලය හින්දු දෙව්දුවක් වූ පාර්වතී ගේ ආගමනය වූ මීනක්‍ෂි නමැති දෙව්දුව සදහා කැප වුවක් ලෙස සදහන්.මෙය විශාල කුළුණු 14කින් හා 33000කට අධික කැටයම් රුප වලින් සමන්විත වෙනවා.ඉන්දියානු පෞරාණික කැටයම් ශිල්පය හා ගෘහ විද්‍යාව මැනෙවින් සනිටුහන් කරන්නක් ලෙස මෙම දෙවොල හදුන්වන්නට පුළුවන්.
02.චීනයේ ලේසහාන් බුද්ධ ප්‍රතිමාව.
03.ඉරානයේ Sheikh Lotfollah මුස්ලිම් පල්ලිය.
පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පය මැනෙවින් විදහා දක්වන මෙය අංගනයේ කිසිදු ප්‍රසාධගෘහයක්/minaret නොමැතිව සාදන ලද්දක් වීම විශේෂත්වයක්.
04.රාජස්ථානයේ චාන්ද් බාඔරි
ගෘහ විද්‍යාව සමග ගණිත ශාස්ත්‍රය අතීතයේ යොදාගත් බවට සාක්ෂි දරන තවත් අපුරූ,පුදුමාකාර නිර්මාණයක්.මෙය රාජස්ථානයේ ඉතා නිසරු බිම් වලට ස්ථාවර ජල සැපයුමක් ලබාදීමට 10වන සියවසේ ඉදි වුවක්.ලොව විශාලතම ලිද ලෙස සැලකෙන මෙය අඩි 100ක පමණ බැවූමකින් යුක්ත වෙනවා.එමෙන්ම තට්ටු 13කින් හා පඩි 3.500කින් පමණ යුක්ත වන මෙය භුතයන් විසින් එක් රාත්‍රියකින් ඉදිකරන ලද්දක් බවට ඉන්දියානුවන් විශ්වාස කරනවා.
05.සිරියාවේ Palmyra
අතීත ශිෂ්ටාචාරයෙහි නටබුන් සහිත මෙය සේද මාවත ඔස්සේ වෙළදාමේ යෙදුනු අතීත වෙළෙදුන්ගේ නගරයක් ලෙස යුදෙව් බයිබලයේ සදහන්.
06.මාලි හි ද්ජෙන්නේ මුස්ලිම් පල්ලිය.
Sudano-Sahelian ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් මැනෙවින් ඉස්මතු කොට දක්වන මෙය 1907 දී නිර්මාණය කරන ලද්දක්.ලොව විශාලතම මැටි වලින් තැනු ගෘහ නිර්මාණය වන මෙහි සෑම වර්ශයකම අප්‍රේල් සහ මැයි මාසයන් වල පැවැත්වෙන උත්සවයකදී මැටි අලේප කිරීමක් සිදු කරනවා..
07.තුර්කියේ Hattusa
දකුණු සහ නැගෙන හිර තුර්කිය පාලනය කෙරනු ලැබූ hittite අදිරජ්‍යයා ඔහුගේ අග නුවර ලෙස ඉදිකරනු ලැබූ මෙය පාෂාණ පුවරු වලින් සදු අපුරූ නිර්මාණයක්.එමෙන්ම මෙම පාෂණ පුවරු සාමය සනිටුවහන් කිරීමට යොදාගෙන ඇති විශ්වාස කරනවා.එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේද සාමය සනිටුහන් කිරීමක් ලෙස මෙම පාෂාණ පුවරුවක් තබා තිබෙනවා.
8.තායිලන්තයේ Wat Rong Khun
ධවල ආරාමය /Wat Rong Khun යනු තායිලන්තයේ ඇති විශාලතම බෞද්ධ අරාම වලින් එකක්.මෙහි ඇති අද්විතීය අලංකාරය මෙය ලෝකයේ තවත් එක් විශේෂ නිර්මාණයක් කිරීමට සමත් වී තිබෙනවා.
9.ප්‍රංශයේ Peyrepertuse බලකොටුව
ප්‍රංශ සහ ස්පාඤ්ඤ දේශ සීමා මායිමේ පිහිට ඇති මෙය මීටර් 800ක් පමණ උසකින් යුත් පැරණි බලකොටුවක්.මෙයද ඉතා විශ්මය ජනක නිර්මාණයක් ලෙස සැලකනවා..
10.පකිස්තානයේ Derawar කොටුව.
නැරබීම සදහා ප්‍රාදේශීය නායකයෙකුගෙන් අවසර ගතයුතු ලෝකයේ තැන කිහිපයකින් එකක් වන මෙය ඉහත කි හේතුව නිසාම ලෝකයෙන් සැගවී තිබෙනවා.මැද පෙරදිග වාස්තු විද්‍යාවේ මහිමය ඉතා අනර්ග ලෙස සනිටුහන් කරනු ලබන මෙය අඩි 100ක් පමණ උස මුනින් නැවු කලයක් හැඩයෙන් යුත් කුළුණු වලින් සමන්විත තාප්පයක් හා ඇතුලත කොටුවකින්ට සමන්විත්ව වෙනවා. කොටුව වටා අඩි 5000ක පමණ මෙම තාප්පය ගොඩ නගා තිබෙනවා.
ඉතා අනර්ඝ පාරිසරික හා පාරම්පරික උරුමයන් බොහොමයක් අතුරින් කිහිපයක් පමණක් ලොව ප්‍රසිද්ධ වී තිබෙනවා.ඉහත විස්තරයෙන් ඔබට එවන් ප්‍රසිද්ධ නොවූ වැදගත් ස්ථාන පිළිබද දැනුමක් ලබාගැනීමට හැකි වෙන්නට ඇති.ඔබට එසේ සිතෙනවා නම් මෙය තවත් අයෙකු සමග බෙදා ගැනීමට අමතක කරන්න එපා.
ඔබගේ යෝජනා හා ගැටළු පිලිබදවත් පහතින් විමසන්න. සුබ දවසක්.තවත් වැදගත් ලිපියකින් හමු වෙමු.
වැදගත් විය හැකි තවත් ලිපි,
0 comments:
Post a Comment