Saturday, May 20, 2017

නුතන අලි ඇතුන්ගේ මුතුන්මිත්තන් - ලොම් සහිත මැමත් සත්වයන්



woolly mammoth ලෙස හැදින්වෙන මෙම සත්වයන් බොහෝ සෙයින් දැනට ජීවත් වන ආසියානු අලියන්ට සමානකමක් දක්වා තිබෙනවා.මොවුන් ආසියානු අලින්ගෙන් වෙන් කොට දැක්වෙන ප්‍රධානම සාදකයන් වන්නේ දිගු ලොම් සහ වක ගැසුණු දිගු දල දෙකයි.එමෙන්ම මොවුන්ගේ කන් වල පිහිටීමද බොහෝ සෙයින් වෙනස් බවයි පරීක්ෂකයන් පවසන්නේ.මොවුන්ගේ දළ මෙලෙස සෑදී ඇත්තේ ඔවුන්ට ආරක්ෂා වීමටත් තණකොළ , පදුරු, ගස්වල මුල් හාරමින් හිම සහිත වටපිටාවේ තිබූ ආහාර සොයාගැනීමටත් බව මෙම පරීක්ෂකයන්ගේ මතයයි.

මොවුන් මීට වසර 10000කට පමණ මෙහිමතින් වදවී ගොස් ඇති නිසා මොවුන් පිලිබදව මිනිසුන් බොහෝ තොරතුරු දන්නේ නැහැ.එයට තවත් ප්‍රධානම සාදකයක් වන්නේ මොවුන් ජීවත් වූවායයි පැවසෙන උතුරු ඇන්ටාක්ටිකාව ආශ්‍රිත ප්‍රදේශ වල ඇති වී තිබෙන ස්වභාවික වෙනස්කම් හේතුවෙන් මොවුන්ගේ නටබුන්ද ඉතිරි වී තිබෙන්නේ අල්පයක් පමණක් වීමයි.නමුත් මියගිය ආකාරයෙන්ම මෙම සතුන්ගේ මළසිරුරු කිහිපයක් සොයාගැනීමට විද්යාඥයින් සමත් වී තිබෙනවා.එබැවින් ඉදිරියේදී මොවුන් පිළිබද වැඩිදුර විස්තර ලොවට හෙළි කිරීමටත් සමහරවිට ජාන තාක්ෂනය භාවිතා කරමින් මොවුන්ට නැවත මෙම මිහිමත ඇවිද යාමට අවස්තාව ලබාදීමටත් නුතන විද්යාඥයින් හට හැකි වෙතයි බොහෝ දෙනා විශ්වාස කරනවා.


2007 වසරේදී සොයාගත් මැමත් පැටවෙකුගේ සිරුරක්.

විශාලත්වය

ICUN(International Union for Conservation of Nature) හි වාර්තාවන්ට අනුව මැමත් සත්වයෙක් අඩි 13ක් (මීටර්4ක්) පමණ උසකින් යුක්ත වී ඇති අතර ටොන් 6ක් පමණ බරකින් යුක්ත වී තිබෙනවා.National Geographic හි වාර්තාවන්ට අනුව හෝදින් වැඩුණු සතෙකුගේ එක ලොමයක් මීටරයක් පමණ දිගට තිබී තිබෙනවා.

වාසස්ථාන

woolly mammoth සත්වයන් ශීත අදික කාලගුණයක් සහිත ප්‍රදේශයක් වන ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව ජීවත් වී තිබුනත් ඔවුන් එම භුමියට සංක්‍රමණය වී තිබෙන්නේ ඊට වඩා බොහෝ සෙයින් උණුසුම් ප්‍රදේශයක සිටයි.කැනඩාවේ Manitoba විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසන අන්දමට මැමත් සත්වයන්ගේ සහ  නුතන ආසියානු අලියන්ගේ මීට වසර මිලියන 7කට පමණ ඉහත විසූ මුතුන් මිත්තන්ගේ වාසස්ථාන වී තිබෙන්නේ අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශයයි. වසර මිලියන 4කට පමණ පසු මොවුන් දකුණු දිග යුරෝපයට සංක්‍රමණය වී තිබෙනවා.පසුව ඉන් තවත් වසර මිලියනයකට පමණ පසු සයිබීරියාවට සහ උතුරු කැනඩාවට මොවුන් සංක්‍රමණය වී තිබෙන අතර මෙම යුගයේ පොළොවේ සිදු වූ විශාල වෙනස්කම් ( ice age යුගය) නිසා අවසානයේ මොවුන් ඇන්ටාක්ටිකාව දක්වා සංක්‍රමණය වී තිබෙනවා.

පුනරාගමනයේ අනාවැකි

මැමත් සත්වයන් ගේ දේහයන් කිහිපයක් සුරක්ෂිතව හමුවී තිබීම නිසා dna තාක්ෂනය මගින් මොවුන් නැවත බිහි කිරීමට විද්යාඥයින් උත්සාහ දරමින් සිටිනවා.වසර 40000කට පමණ ඉහතදී මියගියායැයි සැලකෙන Buttercup නැමති අනුවර්ත නාමයෙන් හදුන්වන ගැහැණු සත්වයාගේ දේහය මේ සදහා බොහෝ සෙයින් යොදාගනු ලබනවා.

The Woolly Mammoth Revival නැමැති ව්යාපෘතියක් මගින් මෙම ප්‍රති නිර්මාණ පර්යේක්ෂණ පවත්වාගෙන යන අතර මෙමගින් වසර දහස් ගණනක් පුරා මිහිමත සැරිසැරූ මෙම දැවැන්තයින් නැවත මිහිමතට ගෙන ඒමට හැකිවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

livescience.com හි පලවූ ලිපියක් ඇසුරෙනි.


0 comments:

Post a Comment