නුදුරු අනාගතයේදී දැකගත හැකි වේයැයි සැලකෙන දැන්වීම් පුවරු කිහිපයක්.
අද ලිපියෙන් නුදුරු අනාගතයේදී අපගේ පරිසරයට, තාක්ෂණයට,ජීවන රටාවන්ට ඇති විය හැකි වෙනස්කම් දැක්වෙන රුප රාමු කිහිපයක් ගැන අවදානය යොමු කරමු.Signs from the near future නමැති
Tumblr බ්ලොග් අඩවියෙන් උපුටා ගත්, නුදුරු අනාගතයේ දී දැකගත හැකි වේයැයි සැලකෙන දැන්වීම් පුවරු කිහිපයක මෙම රුපරාමු තාක්ෂණික පෙරළියත් සමග ලෝකයේ මිනිසුන්ගේ ජීවන රටා හා පැවැත්ම වෙනස්වන ආකාරය පිලිබදව සියුම්ව අර්ථකථනය කිරීමට සමත් වෙනවා.එම දැන්වීම් පහතින්..
01.ඔබගේ smart glass උපකරණය ක්‍රියා විරහිත කර තබන්න.
සමාජ ජාල වෙබ් අඩවි වැනි දෑ දැනටමත් අපගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරන අතර ඉදිරියේදීත් එය එසේම වෙයයි බලාපොරොත්තු වෙනවා.මෙය තවත් ජීවිතයට සමීප කිරීමට ඉදිරියේදී smart glass වැනිඋපකරණ නිෂ්පාදනය වෙනවාට සැකයක් නැහැ.
02.portable/අතෙහි ගෙනයාහැකි තුවාල සුව කිරීමේ laser උපකරණය.
නුදුරු අනාගතයේදී නිෂ්පාදනය විය හැකි තවත් මෙවලමක්.මහජනතාව ගැවසෙන ස්ථාන වල තබා තැබිය හැකි තුවාල සුව කිරීමේ laser උපකරණයක්.
03.drone යානා නවත්වන ස්ථානය.
දැනටමත් සුළු වශයෙන් භාවිතා වන drone යානා තාක්ෂනය ඉදිරියේදී තවත් වැඩි දියුණු වී එය ප්‍රධාන ගමනා ගමන මාද්‍යයක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.ඒ පිලිබදව කලින් පල කරන ලද ලිපිය මෙතනින්.
04. hyperloop යානයේ අනතුරු ඇගවීම.ශරීරයට දරාගත නොහැකි වේගසීමාවට පිවිසිය හැක.
ගමනා ගමනයේ තවත් ඉදිරි පැතිකඩක් ලෙස hyperloop තාක්ෂනය හදුන්වා දිය හැකියි.දැනට භාවිතා වන දුම්රිය වෙනුවට ඉදිරියේදී මෙවන් යානා භාවිතයට පැමිණෙතයි බොහෝ දෙනා මත පල කර සිටිනවා..මෙය දැනට මිනිසාට ගමන් කර හැකි උපරිම වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කර හැකි ලෙස නිර්මාණය වේ යයි බොහෝ දෙනාගේ මතයි.
05.රියදුරන් නැති රථ සදහා වම්පස මාර්ගය භාවිතා කරන්න.
ඉදිරියේදී පැමිණිය හැකි තවත් තාක්ෂණික සොයාගැනීමක් ලෙස රියදුරන් නොමැති රථ හදුන්වන්නට පුළුවන්.මෙය කාලයක් සිටම ඉදිරිපත් වූ සංකල්පයක් වුවත් දැනට සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වන මෙවන් රථයක් සොයා ගෙන නැහැ.නමුත් ඉතා නුදුරු අතීතයේදී ගමනාගමනයේ තවත් පෙරලියක් ලෙසින් කවුරුන් හෝ මෙවන් වාහනයක් එලි දක්වතයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා.
06.කෘතීම ජීව විද්‍යාත්මක උපකරණ භාවිතය තහනම්.
කෘතීම බුද්ධිය, පරිගණක විද්‍යාවේ ඉතා ප්‍රසිද්ධ අනාවැකියක්.එවන් උපකරණ ඉදිරි අනාගතයේදී මිනිස් ජීවන රටා වෙනස් කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
තවත් මෙවන් බොහෝ අරුම පුදුම දේවල් ඉදිරියේ මිනිසා විසින් සොයා ගනීවි..නමුත් මේවගේ සොයා ගැනීම් සමග මිනිසා ස්වභාවික පරිසරයෙන් බොහෝ සෙයින් ඈත් වේවි.එසේ ඇත් නොවී මෙම උපකරණ වලින් ප්‍රයෝජන ගැනීමට තිබෙනවා නම් එයයි ඇත්තටම නව සොයාගැනීමක් වන්නේ.
අද ලිපියත් ඔබට වැදගත් වන්නට ඇති.මෙම බ්ලොග් අඩවිය දිගටම පවත්වාගෙන යාමට ඔබගේ දිරිගැන්වීමක් ලෙස මෙය like කිරීමට share කිරීමට අමතක කරන්න එපා.සුබ දවසක්.
තවත් වැදගත් විය හැකි ලිපි,
0 comments:
Post a Comment