Tuesday, March 28, 2017

සුර්ය විදුලි බලය නිපදවන මහා මාර්ග



මීට වසරකට පමණ පෙර ප්‍රංශයේ පාරිසරික හා බලශක්ති ඇමතිවරයා වන Ségolène විසින්  වසර 5ක් ඇතුලත කිලෝමීටර් 1000ක් පමණ ප්‍රදේශයක සුර්ය ශක්ති ජනක සවිකරන ලද මහාමාර්ග ඉදි කරන බවට නිවේදනය කරා.මෙම සතියේ එම ව්‍යාපෘතිය ආරම්භ වු අතර එහි ප්‍රථම කිලෝමීටරය සාදා අවසන්.මෙම ප්‍රථම කිලෝමීටරයේ වර්ග මීටර් 2,800ක් පමණ සෝලා පුවරු සවිකර තිබෙනවා.මෙමගින් වැසියන් 3400ක් පමණ සිටින  Tourouvre-au-Perche නම් නගරයේ සම්පුර්ණ විදුලි බුබුළු සදහා වැයවන බලශක්තිය නිපදවීමට හැකියාව ලැබී තිබෙනවා.

ප්‍රංශ රජයේ මෙම අදහස විදුලිබල අර්බුදයයට මනා විසදුමක් බවයි බොහෝ දෙනා පවසන්නේ.එමෙන්ම මෙය වැඩිදියුණු කිරීමෙන් දිනපතා නිවාස ආශ්‍රිතව වැය වන විදුලිය නිපදවීමටත් යොදාගත හැකි බව ඔවුන්ගේ මතයයි.විශේෂයෙන්ම විදුලිබල සැපයුම ලබාගැනීමට දුෂ්කර ප්‍රදේශ වලට මෙය වඩා හොද විසදුමක් වේවි.



තදාසන්න ප්‍රදේශ වල වුවද මාර්ග බොහෝ සෙයින් රථ වාහන වලින් වැසී තිබුනත්, ප්‍රමාණවත් තරම් විදුලියක් නිපදවීමට අවශ්‍යය තරමට මෙම සුර්ය පැනල අවු රශ්මියට නිරාවරණය වන බව ඔවුන් මෙම ව්‍යාපෘතියෙන් පෙන්වා දෙනවා.එමෙන්ම මෙමගින්  විදුලි නිෂ්පාදනයේ ඇති අඩු පාඩු මගහරවා ගැනීමට මෙන්ම සුර්ය විදුලිය නිපදවනු ලබන්නේ නම් සූර්ය පැනල සවිකිරීමට වැය වන ඉඩම් ප්‍රමාණය ඉතිරි කර ගැනීමටත් හැකියාව තිබෙනවා.

මෙම තාක්ෂනය colas ආයතනය හා French National Institute of Solar Energy (INES) යන ආයතන දෙක එක්ව වසර 5ක් පමණ කරන ලද පරීක්ෂණයන්ගේ ප්‍රතිපලයක් ලෙස ලොවට හදුන්වා දීමට හැකියාව ලැබී තිබෙනවා. 

කෙසේ වුවත් මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ මෙමගින් නිපදවෙන විදුලිය කිසිදු බෙදාහැරීමේ මද්‍යස්ථානයකට යොමු නොකර භාවිතා කර හැකි වීමයි.අවශ්‍ය නම් බෙදාහැරීමේ මද්‍යස්ථානයක් තුල ගබඩා කර බෙදාහැරීමටත් හැකියාව තිබෙනවා.

අද ලිපියත් ඔබට වැදගත් වන්නට ඇති.මෙවන් වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගැනීමට දිගටම අප සමග රැදී සිටින්න.facebook හරහා මෙම ලිපි තව අයෙකු සමග share කර ගැනීමටත් අමතක කරන්න එපා.

ඔබට වැදගත් විය හැකි තවත් ලිපි..

  

0 comments:

Post a Comment