Wednesday, March 29, 2017

විශ්වයේ චමත්කාරත්වය.

විශ්වය....බොහෝ රහස් , චමත්කාර දර්ශනයන් රදවා ගෙන සිටින අපුරූ අවකාශය....මෙයා අද්‍යනය කිරීමට මිනිසා කෙතරම් උත්සාහ දරනවාද?ඉන් කෙතරම් ප්‍රමාණයක් සාර්ථක වී තිබෙනවාද?

එම අද්‍යයනයන් ගේ සාර්ථකත්වය වාණිජ වශයෙන් හෝ තාක්ෂණික වශයෙන් කෙතරම්ද යන්න කෙසේ වෙතත් ස්වුන්දාර්යාත්මක වශයෙන් එය කෙතරම් වැදගත්ද,කෙතරම් අපුරු නිර්මාණයන් මෙහි තිබෙනවාද යන්න අද ලිපියෙන් යම්තාක් දුරට හෝ ඔබට දැකගැනීමට හැකි වේවි..



NASA Goddard Space Flight Center යනු ඇමෙරිකා එක්සත්ජනපදයේ විද්යාඥයන්, ඉංජිනේරුවන් කර්මාන්ත ශිල්පීන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ ආයතනයක්.මෙමගින් අභ්යවකාශ යානා,චන්ද්‍රිකා වැනි උපකරණ නිපදවනවා මෙන්ම ඒවා යොදාගෙන විශ්වය ගවේෂණය කිරීමටත් යොමු වී සිටිනවා.අද ලිපියෙන් මෙම ආයතනය මගින් ඉදිරිපත් කරන ලද විශ්වයේ ඉතා අලංකාර,චමතකරජනක රුප රාමු එකතුවක් ඔබට ඉදිරිපත් කිරීමටයි අපගේ බලාපොරොත්තුව.එම රුප රාමු හා විස්තර පහතින්,

ගිනිගෙන දැවෙන සුර්යයා.




STEREO යානය විසින් 2010 දී ලබාගන්නා ලද හිරුගේ ත්‍රිමාන චායාරුපයක්.මෙහි නෙරුම් සේ දිස්වන්නේ හිරුගෙන් බිදී යන කොටස්වේ.


crab පටලය (crab nebula).




ඉහත විශ්වයේ ‍අලංකාරත්වය ගැන කල ප්‍රකාශය තහවුරු කිරීමට හොදම උදාහරණයක්.NASA හි  Hubble
දුරදක්නයෙන් ලබාගන්නා ලද crab පටලයේ රුපරාමුවක්.මෙම පටලය ආලෝක වර්ෂ 6ක පමණ පැතිරුණු , supernova තරුකාවේ අවශේෂ මගින් සෑදුනු පටලයක් බවයි පැවසෙන්නේ.


චමත්කාර පෘතුවිය


විශිෂ්ට “blue marble” චායාරුපය.පෘතුවියේ වැඩිපුරම විස්තර සහිත එමෙන්ම වඩා නිවැරදි වර්ණයන්ගෙන් යුත් රුපයක් ලෙස සැලකෙනවා.

පැපුවා නිව් ගිනියාවේ manam ගිනිකන්ද.



 NASA හි Earth Observing-1 චන්ද්‍රිකාව මගින් ලබාගත් manam ගීනිකන්දේ චායාරුපයක්.

ශාක ජලවාංග වලින් වර්ණවත් වූ Barents මුහුද.


මිලියන ගණනක් ආලෝකය පරාවර්තනය කරන ජලවාංග කොටස් වලින් වැසුනු barnet මුහුදේ චායාරුපයක්.මෙය 2010 වසරේදී කැමරා කාචයේ සටහන් වී ඇති අතර මෙයද බොහෝ සෙයින් නිවැරදි වර්ණ සංකලනයන්ගෙන් යුක්ත වුවක්.

Tarantula පටලය.


පෘතුවියට ආලෝක වර්ෂ 70,000ක් පමණ දුරින් පිහිටි මෙම පටලය blue-hot star(උණුසුම් නිල තරුව) නැමති සුර්යයා මෙන් 90 ගුණයක් විශාල තරුව වටා ඇති වුවක්.

Messier 66 සර්පිලාකාර මන්දාකිනිය


Messier 66 නමැති මෙම මන්දාකිනියත් hubble දුරදක්නයේ සටහන් වූ තවත් අපූරු දර්ශනයක්.මෙය leo ත්‍රිත්වයේ පිහිටි විශේෂ ව්‍යුහයක් සහිත මන්දාකිණියක්.මෙය ආලෝක වර්ෂ 100 000 ක් පුරා පැතිර යන්නක්.


ඝට්ටනය වූ මන්දාකිනි යුගලය.


පෘතුවියේ සිට ආලෝක වර්ෂ මිලියන 62ක් පමණ ඈතින් පිහිටි මෙම එකිනෙක ස්පර්ශ කරන මන්දාකිනියන් දෙකත් විශ්වයේ තවත් අපුර්ව නිර්මාණයක්.

මෙවන් නාසා ආයතනය විසින් ඉදිරි පත් කරනලද බොහෝ රුපරාමු ඔවුන්ගේ flicker වෙබ් පිටුවෙන් ඔබට බලාගැනීමට හැකියාව තිබෙනවා.

අද ලිපියෙනුත් ඔබට වැදගත් යමක් ලැබෙන්නට ඇති.මෙවන් තවත් ලිපි බලාපොරොත්තුවෙන් දිගටම අප සමග රැදී සිටින්න.සුබ දවසක්.

ඔබට වැදගත් විය හැකි තවත් ලිපි..

0 comments:

Post a Comment