Friday, March 10, 2017

Google ආයතනය කරදරකාරී Captcha checks ඉවත්කිරීමට සැරසෙයි.


වෙබ් අඩවියකට ඇතුළු වීමෙදි හෝ අන්තර් ජාලයෙන් ගනුදෙනු කිරීමේදී ඔබ පරිගණක වැඩසටහනක් නොව සබැ මනුෂ්‍යයෙකු යයි දැන ගැනීමට  යෝදා ගනුලබන Captcha checks ඉවත් කිරීමට  හැකි නවතම තාක්ෂණික වැඩසටහනක් ගූගල් ආයතනය විසින් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

මෙතෙක් කල් අන්තර්ජාල පරිශීලකයන්ට කරදරයක් ව පැවති Captcha checks භාවිතය මෙම නවීන තාක්ෂනය මගින් ඉවත් කිරීමට හැකි වෙයයි ඔවුන් අදහස් දක්වනවා.ඒ වෙනුවට වෙබ් අඩවිය භාවිතා කරන්නා එම වෙබ් අඩවිය භාවිතා කරනු ලබන ආකාරය monitor/ අභිමන්ත්‍රණය කිරීමටත් එමගින් එම පරිශීලකයා සබැ මනුෂ්‍යයෙකුද එහෙමත් නැත්නම් පරිගණක වැඩසටහනක්ද යන්න නිගමනය කිරීමටත් හැකි අයුරින් මෙම Ai /කෘතීම බුද්ධිය නිර්මාණය කර තිබෙනවා..ඒ වගේම මෙය කිසි ලෙසකත් user/පරිශීලකයා හට කරදරයක් වන අයුරින් ඉදිරිපත් වන්නේ නැහැ.



මීට පෙර පැවති Captcha checks වැඩසටහන් මගින් අන්තර්ජාලයේ කාර්යක්ෂමතාවයට බලපෑමක් එල්ල කරනු ලැබූ අතර එවන් වැඩසටහන් බොහෝ විට පරිශීලකයාට කරදරයක් බවට පත් උනා,මුල් කාලයේ අපැහැදිලි අකුරු වලින් තැනුණු වචනයක් පෙන්වා එය නිවැරදි ලෙස ඇතුළු කිරීමට පරිශීලකයාට බල කර සිටියා,පසුව එය හදුනා ගත හැකි පින්තුර වලින් සැදුනු කුඩා ප්‍රෙහෙලිකාවක් ලෙස ඉදිරිපත් කල අතර මෙහි ඇති  රුප කිහිපයක් ඔවුන් අසන ප්‍රශ්නයට ගැලපෙන පරිදි තේරීමෙන් ඔබට ඉදිරියට යාමට අවස්ථාව සැලසුනා.ඉන් අනතුරුව මෙය i'm not a robot යනුවෙන් සදහන් කල කුඩා කොටුවක් මත සලකුණු කිරීමට පමණක් සීමා උනා..



නමුත් ගූගල් ආයතනයේ නව සොයා ගැනීමත් සමග මෙම කිසිදු ආකාරයකින් පරිශීලකයා පරික්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.ඒ වෙනුවට ඔවුන් පරිශීලකයා වෙබ් අඩවිය සමග ගනුදෙනු කරනු ලබන ආකාරය පරික්ෂා කොට එමගින් ඔහු සබැ මනුෂ්‍යයෙකුද පරිගණක වැඩසටහනක්ද යන්න නිගමනය කරනු ලබනවා.

මෙයත් google ආයතනයේ බොහොමයක් සොයා ගැනීම් මෙන්ම අන්තර්ජාලය භාවිතා කරන්නන් හට ඉතා වටින සොයා ගැනීමක් වෙතයි බොහෝ දෙන මත පල කර සිටිනවා..

මෙම ලිපිය ඔබට වැදගත් යයි සිතෙනවා නම් මෙය තව කෙනෙකුට බැලීමට share කිරීමට අමතක කරන්න එපා.ඒ වගේම ඇගයීමක් වශයෙන් අපිට like එකක් ලබා දීමටත් කාරුණික වන්න..

වැදගත් විය හැකි තවත් ලිපි,
ඔබගේ වටිනා භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට අපූරු කුඩා උපකරණයක්...
ගමනාගමනයේ අනාගතය මෙය විය හැකිද?

0 comments:

Post a Comment