Saturday, May 13, 2017

රටවල් 99කට අදික ප්‍රමාණයක් ආක්‍රමණය කල සයිබර් ප්‍රහාරය.



Randsomware නමැති පරිගණක වයිරසය ගැන සමහරවිට ඔබ අසා ඇති.ග්‍රාහකයාගේ පරිගණකයේ ඇති වැදගත් තොරතුරු අඩංගු file රහස් කේතනයක් යොදා අගුලු දැමීම හා එය ඉවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලීමටත් සයිබර් අපරාදකරුවන් විසින් යොදාගන්නා මෙම වයිරසය යොදාගනිමින් කරන ලද ඉතා විශාල ආක්‍රමණයක් ගැන පසුගිය සිකුරාදා වාර්තා උනා.අද ලිපියෙන් එම විස්තරය සොයා බලමු..

ඉස්පිරිතාල, විශාල සමාගම් , රජයේ ආයතන ඉලක්ක කරගනිමින් එල්ල වී තිබුණු මෙම ප්‍රහාරයේයන් වැඩි හානියක් වී ඇත්තේ රුසියාව,යුක්රේනය සහ තායිවානය යන රට වලටයි.එමෙන්ම එංගලන්තයේ ඉස්පිරිතාල වලටත් Fedex වැනි බහු ජාතික සමාගම් කිහිපයකටත් මෙයින් බලපෑම් එල්ල වී තිබුනා.එමෙන්ම ඇමරිකාවටද මෙය පැතිරී යාමේ අවදානමක් ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Avast ආයතනය පවසන්නේ ඔවුන් සිකුරාදා දිනය ඇතුලත පමණක් රටවල් 99ක් පුරා පැතිරුණු මෙවන් වයිරස් ආක්‍රමණයන් 75000කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි.


මොකක්ද මේ?

"WannaCry," නමින් හැදින්වෙන මෙම Randsomware වයිරසය මෙයට  
ගොදුරු වන්නාගේ පරිගණකයේ ඇති වැදගත් file තම ග්‍රහණයට නතු කරගනිමින් ඒවා නිදහස් කිරීමට කප්පම් මුලදක් ලබාගැනීමට සයිබර් අපරාදකරුවන් විසින් නිපදවා ඇති අතර මෙම මුදල ලබා දීමට මෙමගින් ගොදුරු වන්නාට ලබාදෙන කාලය පැය 6ක් පමණකි.එම කාලය ඇතුලත ගෙවීම නොකළහොත් මෙය තව තවත් වර්දනය වන අතර කප්පම් මුදලේද වටිනාකම වැඩි වීමක් සිදු වෙනවා.NSA(ජාතික ආරක්ෂක ඒජන්සිය) ආයතනයේ පසුගිය මාසයේ සොරකම් කරන ලද spy tools (ඔත්තු බැලීමේ වැඩසටහන්) යොදාගනිමින් මෙම අපරාදය සිදු කරන්නට ඇති බොහෝ දෙනා විශ්වාස කරනවා.කෙසේ වුවත් මෙය පතුරවා හැරීමට යොදාගෙන ඇත්තේ microsoft මෙහෙයුම් පද්දතියේ ඇති දුර්වලතාවයක්.

microsoft ආයතනය මෙම vulnerability (දුර්වලතාවය) මගහරවා ගැනීමට සංස්කරණයක්(patch) මාර්තු මාසයේ නිකුත් කර තිබුනත් බොහෝ දෙනා එම සංස්කරණය තම මෙහෙයුම් පද්දතියට ඇතුලත් කරගෙන තිබුනේ නැහැ.දැනටත් මෙය ඇතුලත් කර ගෙන නොමැති පරිගණක අවදානම් තත්වයක පවතින බවයි microsoft ආයතන පවසන්නේ.

kaspersky ආයතනයේ ප්‍රධාන ආරක්ෂක පර්යේෂකයා වන Kurt Baumgartner පවසන්නේ මෙයට අදාළ කප්පම පැය 6ක් ඇතුලත ගෙවිය යුතු බවත් එය ආරම්භයේදී ඩොලර් 300ක් පමණ වන බවත්ය.මුල් පැය 6 ඇතුලත නොගෙවුවහොත් එය තව දුරටත් පැතිරී යන අතර ගෙවිය යුතු කප්පම් මුදල බොහෝ සෙයින් වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.එමෙන්ම මෙය සයිබර් ඉතිහාසයේ තමා දුටු විශාලතම ආක්‍රමණය බව එංගලන්තයේ ආරක්ෂක වැඩසටහන් නිර්මාණ ශිල්පියෙක් වන  Kevin Beaumont පවසනවා.


මෙය වලක්වා ගන්නේ කෙසේද?

මාර්තු මාසයේ නිකුත්කරන ලද windows සංස්කරණය තම මෙහෙයුම් පද්දතියට ඇතුලත් කර ගැනීමෙන් මෙයින්  වැලකීමට හැකි බවයි විශේෂඥයින් පවසන්නේ.මීට අමතරව හොද තත්වයේ වයිරස් ගාර්ඩ් මෘදුකාංගයක් තම පරිගණකයට ඇතුලත් කර ගැනීමෙන් සහ විශ්වාසයකින් තොර වෙබ් අඩවි වලට පිවිසීමෙන් වැළකීමෙන් මෙයින් වැලකී සිටීමට හැකි බව ඔවුන්ගේ මතයයි.

කෙසේ නමුත් ඉහත කී සංස්කරණය නොමැති පරිගණක සදහා මෙය විවිද ක්‍රමයන්ගෙන් පැතිරිය හැකියි.මෙහි ඇති විශේෂ hunter නම් මොඩියුලය නිසා මෙයට කිසිදු ආධාරයකින් තොරව පරිගණක ජාලයක් හරහා පැතිරීමට හැකියාව තිබෙනවා.(උදා:- ඔබ මෙම වයිරසය සහිත පරිගණකයකින් internet cafe ඒකක wifi සම්බන්දතාවයක් භාවිතා කරන්නේ නම් එම wifi ජාලයට සම්බන්ද අනෙකුත් පරිගණක වලටද මෙම වයිරසය ඇතුලත් වීමට ඉඩ තිබෙනවා.)

ඔබගේ මෙහෙයුම් පද්දතිය සහ ඇතුලත් කරන ලද මෘදුකාංගයන් ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම මෙවන් බොහෝ අවදානම් තත්වයන්ගෙන් මිදීමට ඇති හොදම උපක්‍රමය ලෙස ඉහත කාරනාවට සම්බන්ද බොහෝ විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඉහත කී ලෙස ඔබගේ ආරක්ෂාව තහවුරු කර නොගතහොත් ඔබත් මෙවන් අපරාදයන්හි ගොදුරක් වීමට හැකියි.එසේ වුවහොත් ඔබට සිදුවන පාඩුව අමුතුවෙන් මතක් කිරීමට අවශ්‍ය නැහැ. එබැවින් ඔබත් මෙවන් තත්වයන්ගෙන් ආරක්ෂා වී ඔබගේ සයිබර් අත්දැකීම් විදගැනීමට පරීක්ෂාකාරී වන්න.

තොරතුරු ලබාගත්තේ cnn.com වෙතිනි.




0 comments:

Post a Comment