ආතර් රජු ගේ පුරාවෘත්තය ඇත්තක්ද?

කැමලොටයේ ආතර් රජු, ඔහුගේ මායා අසිපත, ඔහුගේ මයාකරු මර්ලින්, පිළිබද බෝභෝ කතා ඔබ අසා ඇති. නමුත් බ්‍රිතාන්‍ය පුරාවෘත්තයන්ගෙන් පැවත එන මෙම කරුණු ඇත්තද? ආතර් නම් රජ කෙනෙකු ඇත්තටම ජීවත් වී තිබෙනවාද ? එසේත් නැත්නම් මේවා ප්රබන්දයන් පමණක්ද? අද ලිපියෙන් මේ පිලිබදව විමසා බලමු..
මද්‍යකාලීන බ්‍රිතාන්‍ය පුරාවෘත්තයක් වූ ආතර් රජු සහ ඔහුගේ වට මේසයේ නයිට් වරුන් සැක්සන් හමුදාවන් පරාජය කරමින් වර්තමාන එංගලන්තය සෑදීමට මුලික අඩිතාලම දැමු බවට බොහෝ දෙනා විශ්වාස කරනවා.නමුත් ඇත්තටම එවැනි දෙයක් සිදු වුනාද? නැත්නම් එය ප්රබන්දයන් පමණක්ද? වසර සියගණනක් පුරා මේ පිලිබදව නොයෙක් තර්කයන් ඉදිරිපත් වුවත් දැනටත් මෙය නිරාවරණය කරගැනීමට තරම් සාදක ලැබී නැහැ.එකම සමකාලීන මුලාශ්‍රය ලෙස ක්‍රිස්තු වර්ෂ 500 දී පමණ ග්ලිඩස් නමැති කැල්ටික පුජකයෙකු විසින් බෑඩන් නිම්නයේ සටනක් පිලිබදව ලියන ලද සටහනක් හමු වී ඇතත් එහිද ඔහු පිලිබදව සටහන් වී නැහැ.
ඉහත කී කලපරිච්චේදයට වසර සිය ගණනකට පසුව නෙනියස් නැමැති වේල්ස්හි ඉතිහාසඥයෙකු විසින් පළමු වරට ආතර් රජු පිලිබදව තොරතුරු ඉදිරිපත් කර ඇති අතර ඔහු සටන් කළායැයි කියනු ලබන සටන් 12ක් පිළිබද විස්තර නෙනියස්ගේ සටහනේ දැක්වී තිබෙනවා.නමුත් ඔහු ගේ සටහන් අනුව එම සටන් පැවති ස්ථානයන් සහ කාලයන් නිරවද්‍ය ලෙස පිළිගන්නට බැහැ.
පසු කාලීන වේල්ස් ජාතික ලේඛකයන් නෙනියස් ගේ සටහන් අනුව බොහෝ කරුණු ඉදිරිපත් කරමින් ආතර් යන නාමය ප්‍රසිද්දියට පත් කොට තිබෙනවා.එමෙන්ම ඔහුගේ නාමය කැල්ටික හා වේල්ස් සමාජයන්ගෙන් පිටතට ව්‍යාප්ත වීමටත් පටන්ගෙන තිබෙනවා.1066 දී නොර්මන් ආක්රමණයත්(නොර්මානුවන් විසින් එංගලන්තය අත්පත් කර ගැනීම) සමග උතුරු ප්‍රංශය සහ එංගලන්තය බොහෝ සෙයින් සම්බන්ද වීම නිසා මෙය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ ප්‍රස්තා සැලසී තිබෙනවා.කෙසේ වුවත් අවසානයේ මෙය ලෝකයම පිළිගත් පුරාවෘත්තයක් බවට පත් වී හමාරයි.

දැනගැනීම සතුටක්.
ReplyDelete