pearl වාරයේ ඛේදවාචකය.
1941 දෙසැම්බර් 7 වැනිදා පෙරවරු අටට මිනිත්තු කීපයක් තිබියදී, හවායි හි පිහිටි pearl නමැති වරාය දෑවී විනාශවී ගියේ දහස් ගණනක ඇමරිකානු භටයන්ගේ ජීවිත බිලිගනිමින්.එමෙන්ම තවත් දසදහස් ගණනකගේ ජීවිත අවදානමේ හෙළමින්.දෙවන ලෝක යුද්දයට පාදක වූ එම මහා ඛේදවාචකය සමහරවිට ඔබ අසා නැතුව ඇති.අද ලිපියෙන් ලෝක ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් ඉතිරි කරමින් පිපිරී ගිය pearl වාරයේ බෝම්බය පිළිබද එම විස්තරය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.මේ පිලිබදව ඔබගේ අදහස් අප සමග බෙදාගන්නටත් අමතක කරන්න එපා..
මෙම ප්‍රහාරය සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු නොවූ අන්දමින් සිදු වුවක් ලෙස හදුන්වන්න පුළුවන්.නමුත් ඒ වන විටත් වසර ගණනක සිට ජපානය සහ ඇමරිකාව යුද්දයක් සදහා සුදානමින් සිට තිබෙනවා.මෙයට ප්‍රධාන හේතුව වන්නේ ජපානය චීනයට එරෙහිව ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කිරීම හා ඇමරිකාව ඊට විරුද්දත්වය පළකිරීමයි.ජපායේ පැවති ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න වලට එකම පිළිතුර වන්නේ චීනයේ වෙළදපොල හා ඔවුගේ දෙශ්භුමිය අල්ලා ගැනීම යයි ජපානය තදින්ම විශ්වාස කර තිබෙනවා.එම නිසා ජපානය විසින් චීනයට එරෙහිව 1937 දී යුද්දයක් ප්‍රකාශ කර තිබෙනවා.නමුත් ඇමරිකාව එම යුද්දයට මැදිහත් වී ඇති නිසා ජපානය, ඇමරිකාව සමගද අප්‍රසාදයෙන් පසුවී තිබෙනවා.වසර කිහිපයක් පැවති මෙම එදිරිවාදිකම් යුද්දයක් බවට පත්වන්නේ මේ ප්‍රහාරයත් සමගයි.
මෙම ප්‍රහාරය සදහා 360ක් පමණ ජපාන ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන තිබූ අතර ඉන් ඇමරිකානු සෙබළුන් සහ නාවිකයන් 2400ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.එමන්ම 1200කට අදික පිරිසක් මෙයින් තුවාල ලබා තිබෙනවා.එමෙන්ම එහි ගාල්කර තිබූ යුද නැවු 8න් පහක් , destroyer නමින් හදුන්වනු ලබන ප්‍රහාරක යානා 3ක් සහ ගුවන් යානා 200ක් පමණ මෙයින් විනාශ වී තිබෙනවා.ජපානයට අහිමි වී තිබෙන්නේ ගුවන් යානා 30ක් පමණ,සබ්මැරීන කිහිපයක් සහ මිනිසුන් 100කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි.
ඇමරිකාව සහ ජපානය අතර පැවති තාවකාලික සාම ගිවිසුම අත් හිටුවා තිබෙන්නේ මෙම ප්‍රහාරය සිදුවීමට ටික කාලයකට පෙරයි.එවකට ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කරන ලද Franklin d. Roosevelt කොයි මොහොතක හෝ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙතයි සැක කරත්, කිසිදු ආරක්ෂක වැඩ පිළිවෙලක් ගැනීමට උනන්දු වී නැහැ.ඉරිදා දිනක් වූ එදින බොහෝ ඇමරිකානු සොල්දාදුවන් ආගමික සේවා සදහා කදවුරෙන් පිටතට ගොස් සිට ඇති අතර රේඩාර් මෙහෙයුම් කරුවන් දෙදෙනෙක් මෙම යානා පිලිබද කදවුර දැනුවත් කර තිබෙනවා.නමුත් ඒ පිළිබද කිසිදු තැකීමක් කර නැහැ.
1941 දෙසැම්බර් 7 වැනිදින පෙරවරුවේ ඇමරිකානු නාවික හමුදාව ඉලක්ක කරගනිමින් ඉතා සාර්ථක ලෙස සිදු කරනු ලබන මේ මිනිස් සංහාරයත් සමගම දෙවන ලෝක යුද්දයට මාර්ගය විවර වන අතර මෙයට ප්‍රති ප්‍රහාර ලෙස මාස 6කට පසුව battle of midway නමැති ප්‍රහාරයක් මීට පෙර පරාජය කර නොහැකිව පැවති ජපාන නාවික හමුදාවට එරෙහිව ඇමරිකාව විසින් දියත් කර විහිෂ්ඨ ජයක් හිමි කරගෙන තිබෙනවා.
මෙම ලිපියෙන් ඔබට වැදගත් දෙයක් දැනගැනීමට හැකි වුවානම් තවත් අයෙක් සමග මෙය share කරගැනීමටත් අමතක කරන්න එපා.ඒ වගේම දිරිමත් කිරීමක් වශයෙන් ඔබගේ අදහස් පහතින් දක්වා යන්නටත් කාරුණික වන්න.
0 comments:
Post a Comment