Thursday, May 4, 2017

නව ලෝකයේ වහල්භාවය - වසර 30ක් පුරා වහල් ජීවිතයක් ගත කල මෙක්සිකානු කාන්තාව.



ප්‍රාථමික  සමාජ ක්‍රමයේ පැවති වහල් භාවය නමැති සංකල්පය මිනිස් ස්වභාවය කෙතරම් කුරිරු දැයි පෙන්වාදීමට කදිම උදාහරණයක්.එය ඔබට විස්තර කර දීමට අවශ්‍යය නැහැ.බොහොමයක් බටහිර චිත්‍රපට වල,ටෙලි නාට්‍යන් වල මෙම මිනිසුන්ට වන අසාදරනකම්,ඔවුන්ගේ ජීවිත අයිතිය බලෙන් නතු කරගනිමින් ඔවුන්ට පමුණුවනු ලබන කුරිරු වධ,පීඩා පිලිබදව මැනවින් විදහා දක්වනවා..එත් අද අප ඉදිරිපත් කරන්නේ චිත්‍රපටයක අන්තර්ගතයක් වත් අතීතයේ සිදු වූ සිදු වීමක් වත් නෙමෙයි. වර්තමනයේ සිදු වී එවැනි කණගාටුදායක කතාන්දරයක විස්තරයි.

43 හැවිරිදි Guadalupe Pérez නමැති මෙක්සිකානු ජාතික කාන්තාව බොහෝ සේයින් කුලෑටි ගතියක් පෙන්නුම් කරනවා.ආගන්තුකයෙකු සමග කතා බහ කිරීම ඇයට ඉතා අභියෝගත්මක කටයුත්තක්.ඇයගේ වෛද්‍යවරයා පවසන්නේ ඇය එලෙස හැසිරෙන්නේ තවමත් ඇය තමන්ගේ සාමාජීය ජීවිතය හැදෑරීමට පටන්ගත්තා පමණක් නිසා බවයි.මෙසේ වීමට හේතුව ඇය කුඩා කල සිටම සමාජයෙන් වසන් කරමින් බොහෝ සෙයින් වද බන්දනයන්ට ලක්කරමින් කුරිරු ආකාරයට ඇය වහල් සේවයේ යෙදවීමයි.

ඇයගේ කතාව පටන්ගන්නේ මෙක්සිකොවේ  Las Agujas නමැති නගරයේ දුප්පත් පවුලකිනුයි.ඔවුන්ගේ දිලිදු කම නිසා ඇයට කුඩාකලම වීදියක පලතුරු විකුණන්නට සිදු වෙනවා.මෙසේ අගහිගකම් මැද ජීවත් වන ඇයට දිනක් නොසිතු ලෙස ඇයගේත් ඇයගේ පවුලේ උදවියගේත් ජීවිත සාර්ථක කිරීමට අවස්තාවක් උදා වෙනවා.

මෙසේ පලතුරු විකුනමින් සිටි ඇය දුටු ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් දිනක් ඇයගේ නිවසට පැමිණ ඇයව ඔවුන්ගේ දරුවන් රැක බලා ගැනීමට රැගෙන යාමට ඉල්ලනවා.ඒ සදහා මසකට වරක් ඇයගේ දෙමාපියන්ට මුදලක් ගෙවීමටද පොරොන්දු වන ඇය Pérez ගේ අද්‍යාපනයට අවශ්‍යය පහසුකම් සපයන බවටත් පොරොන්දු වෙනවා.තමන්ගේ දිලිදු කම නැති කරගැනීමටත් අද්‍යාපනය ලබාගැනීමේ කැමැත්තත් නිසා කුඩා Pérez හා ඇයගේ දෙමාපියන් මෙම ඉල්ලීමට කැමති වන අතර ඇය එම ස්පාඤ්ඤ ජාතික කාන්තාව සමග පිටත්ව යනවා.නමුත් ඇයගේ ජීවිතයේ අවාසනාවන්තම කාලය උදා වන්නේ ඉන් පසුවයි..

Pérez පවසන අන්දමට මෙම කාන්තාව ඇයව රැගෙන ගොස් තිබෙන්නේ ළමයින් බලා ගැනීමට පමණක් නෙවෙයි.ගෙදර දොරේ සියලුම කටයුතු ඇයට පැවරුණු අතර කිසිදු නිදහසක් ඇයට හිමි උනේ නැහැ.එමෙන්ම කෑම බීම නවාතැන් පහසුකම්ද ඇයට හිමි උනේ ඉතා අල්ප වශයෙන්.කෑමට ලැබී තිබුනේ ඉවතලන ආහාර වන අතර ඇයට නිදාගැනීමට ඇදක් හෝ මෙට්ටයක් තිබී නැහැ.එමෙන්ම මාසිකව සිදු කිරීමට පොරොන්දු වූ ගෙවීම හෝ ඇයගේ අද්‍යාපන කටයුතු සදහා කිසිදු උපකාරයක් ලබාදීමටත් මොවුන් කටයුතු කර තිබුනේ නැහැ.

පහරදීම් , ඉහත කී කාන්තාවගේ සැමියාගෙන් සිදු වන ලිංගික අඩත්තේට්ටම් ඉවසාගත නොහැකිව කිහිප වරක් පැන යාමට උත්සාහ කරත් නැවතත් ඇයට ඔවුන්ගේ ලගටම ඒමට සිදු වී තිබුනා.එසේ පැනයාමට තැත් කිරීමේදී රැගෙනගොස් ඇයට අමානුෂික ලෙස හිරි හැර කල බවයි ඇය පවසන්නේ.එමෙන්ම අවසාන වතාවේ හසූ වූ විට ඇයට තර්ජනය කර තිබුනේ නැවත එසේ කරොත් ඇයව කුඩා කැබලි වලට කපා ගගට දමනවා යයි කියමින්.

කෙසේ වුවත් අවුරුදු 30කට පමණ පසු දිනක් ඇයට මොවුන්ගේ ග්‍රහණයෙන් පැන යන්නට හැකියාව ලැබෙනවා.ඉහත කී කාන්තාව හා ඇයගේ සැමියා වයස්ගත වීම නිසා මෙම අවස්තාව ඇයට හිමි වූ බවයි Pérez ගේ අදහස.දිනක් ඔවුන්ගේ පුතා හදිසි අනතුරකට භාජනය වී ඔවුන්ට රෝහලට යාමට සිදුවී තිබෙනවා.එම අවස්ථාවේ Pérez ට එම නිවසෙන් පලා එන්නට හැකියාව ලැබී තිබෙනවා.කෙසේ වුවත් මෙලෙස නිදහස ලබන විට ඇයගේ ජීවිතයෙන් අවුරුදු 30ක් ම ඔවුන් උදුරාගෙන ඉවරයි.

එම නිවසේ සිටියදී ඇයට දිනයක් වෙලාවක් දැනගැනීමට හැකියාව ලැබී නැහැ.ඇයගේ උපන්දිනය කවදාද කියාවත් ඇයට දැනගන්නට ලැබී නැහැ.එමන්ම නිවැසියන් හැර කිසිදු කෙනෙකු සමග කතා කිරීමටවත් ලැබී නැහැ.ඇයගේ නීතීඥවරිය පවසන අන්දමට ඇය දැනටත් සමාජයෙන් සැගවී සිටින්නට කැමතියි.එමෙන්ම අවන්හලකට ගියත් එහි ඇති පිගන් සේදීම වැනි දේ කිරීමට තවමත් ඇයට අවශ්‍යයි.ඇත්තෙන්ම ඔවුන් ඇයගෙන් වසර 30ක් සොරකම් කරගෙන තිබෙනවා.

ඇය දැන් ඇයගේ සාමාන්‍ය ජීවිතයට හැඩ ගැසීමට පුරුදු වෙනවා.ඒ සදහා චිකිත්සකයෙක් යොදාගන්නා අතර ඔහු ඇයට ඇයගේම තීරණ ගැනීම, මුදල් භාවිතා කිරීම වැනි දේවල් ක්‍රමානුකූලව උගන්වන බවයි වාර්තා වන්නේ..

තවමත් අප සමාජයේ මිලේච්ඡ ගතිගුණ සහිත මිනිසුන් සිටින බවට Pérez ගේ කතාව හොද උදාහරණයක්.මෙවන් වදහිංසා වලට ලක්වෙන Pérez වැනි කාන්තාවන් තවත් කොතෙකුත් ලෝකයේ සිටිය හැකිද? ඒ පිළිබද ඔබගේ අදහස පහතින් දක්වන්නත් අමතක කරන්න එපා.
මෙවැනි තවත් ලිපි සදහා දිගටම අප සමග රැදී සිටින්න.





0 comments:

Post a Comment