Latest Post

Friday, June 16, 2017

ලොව ලස්සනම කාන්තාවන් 10 දෙනා

2016 වර්ෂයේ ලෝකයේ ලස්සනම කාන්තාවන් ලෙස නම් කෙරුණු කාන්තාවන් 10 දෙනා පිළිබද තොරතුරු අද වීඩියෝවෙන්.


මෙවන් තවත් තොරතුරු දන ගැනීමට අපගේ page එකට like කිරීමටත් you tube channel එක subscribe කිරීමටත් අමතක කරන්න එපා.

Thursday, June 15, 2017

ලොව ප්‍රබලතම හමුදාවන් සහිත රාජ්‍යයන් 10

මිනිස් බලයෙන් , අවි ආයුද වලින්, ගුවන් හා නාවික ශක්තියෙන් පරිපුර්ණ ලොව ප්‍රබලතම හමුදාවන් සහිත රටවල් 10 ගැන අද වීඩියෝවෙන්.



global firefower ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ඉදිරිපත් කරන ලද ඉහත තොරතුරු වලින් ලෝකයේ රටවල් බොහොමයක් අතරින් කැපී පෙනෙන හමුදාමය ශක්තියක් ඇති, කිසියම් අයුරකින් තෙවන ලෝක යුද්ධයක් ඇති වුවහොත් එහිදී ඉදිරියෙන්ම සිටිය හැකි රටවල් 10ක හමුදාවන් ගේ ශක්තිය සහ එම හමුදාවන් පරිපාලනයට එම රජයන් දරන වියදම ආදී කරුණු පෙන්වාදෙයි.මෙම කරුණු ඔබට වැදගත් වුවා නම් අපගේ youtube channel එක subscribe කරන්නටත්,අපගේ facebook page එක like කරන්නටත් අමතක කරන්න එපා.

Tuesday, June 13, 2017

අන්තර්ජාලය පිළිබද ඔබ නොදත් කරුණු කිහිපයක්.


අන්තර්ජාලය මේ වන විට ලොකු කුඩා බොහෝ දෙනාට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා.නමුත් එහි ඉතිහාසය, වැදගත් සිදුවීම් හා වැදගත් තොරතුරු පිළිබද බොහෝ දෙනා දන්නේ නැහැ.අද පොස්ටුවෙන් එවන් අන්තර්ජාලය පිළිබද බොහෝ දෙනා නොදත් කරුණු කිහිපයක් ඔබගේ දැනුමට එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා.එම තොරතුරු පහත ඇති කුඩා වීඩියෝවෙන් නරබන්න. එමෙන්ම මෙවන් තොරතුරු දිගටම දැනගැනීමට වීඩියෝව අවසානයේ ඇති subscribe button එක click කර දිගටම අප සමග රැදී සිටින්න.



Wednesday, May 24, 2017

ඔබ වැඩිපුර සීනි පරිභෝජනය කරනවාද? - එය දැනගත හැකි සලකුණු කිහිපයක්.




සමහරවිට ඔබ සීනි වලට ඇබ්බැහි වුවෙකු නොවිය හැකියි.නමුත් ඔබ නොදැනුවත්වම ඇසුරුම් කල ආහාර හරහා බොහෝ සෙයින් සීනි ඔබගේ ශරීරයට ඇතුල් වීමට ඉඩකඩ තිබෙනවා.එම ආහාර ඇසුරුම් වල සීනි අඩන්ගු නොවේ යයි සටහන් වුවත් එම ඇසුරුම් වල අඩංගු පහත දැක්වෙන අමුද්‍රව්‍ය හරහා ඔබගේ ශරීයට බොහෝ සෙයින් සීනි ඇතුලත් වීමේ අවදානමක් පවතිනවා.

  • Dextrin
  • Sorbitol
  • Corn syrup/sweetener
  • Glucose
  • Malt syrup
  • Fructose
  • Evaporated cane juice
  • Disaccharides
  • Hydrolyzed starch
  • Maltose
  • Sucrose
  • Rice syrup
  • High fructose corn syrup
  • Maltodextrin
මෙම ද්‍රව්‍ය හරහා කොතරම් සීනි ප්‍රමාණයක් ශරීර ගත වුවායැයි නිශ්චය කිරීම අපහසුයි.නමුත් පහත සදහන් ලක්ෂණ ඔබගේ ශරීරයේ තිබෙනවා නම් හෝ පහත සදහන් රුචි අරුචි කම් ඇතිවෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි යයි නිගමනය කිරීමට පුළුවන්.

01.සීනි පරිබෝජනය කිරීමේ දැඩි ආශාවක් ඇති වීම.


මත්ද්‍රව්‍ය වලට මෙන්ම සීනි වලටද මිනිසා ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.එමෙන්ම එහි ප්‍රතිපල ද බොහෝ සෙයින් සමානයි.ඔබ වැඩිපුර සීනි පරිභෝජනය කිරීමේදී ශරීරය විසින් dopamine නමැති හොර්මොනයක් මුදාහරින අතර එමගින් ඔබගේ ශරීරය සීනි පරිභෝජනයට වඩ වඩාත් නැබුරු කරනවා.

02.කෙඩෙත්තු ගතිය සහ ශක්තිය හීන වීම

මොලයට ශක්තිය සපයන ඔක්සින් නම් නියුරොනික අම්ලයක් පවතිනවා.මෙමගින් නිදාගැනීමේ කාලචක්‍රය ක්‍රමවත් කරන අතර හ්යිපෝතැලමසය ආශ්‍රිත බොහෝ ක්‍රියාකාරකම් ද සිදු කරනවා.මෙය සීනි වලට සංවේදී
වන අතර ලේ වල ඇති ග්ලූකෝස් මට්ටම මෙහි ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් බලපානවා. ලේ වල ඇති සීනි ප්‍රමාණය ඉහල ගිය විට මෙහි ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීමෙන් නිදාගැනීමේ අපහසුතා හටගතහැකියි.එබැවින් සීනි මට්ටම පහත යාමේදී ශරීරයේ දුර්වලතා හටගනීමක් සිදුවෙනවා.

03.බර සහ ස්ථුලතාවය වැඩි වීම.

ශරීරය විසින් සීනි ශක්තිය බවට පරිවර්තනය කොට භාවිතා කරන අතර අතිරික්තයක් වේ නම් එය මේදය ලෙස සමේ ස්තරයට පහලින් තැන්පත් කරනවා.ඊට අමතරව කෑම ගැනීම පාලනය කරනා හොර්මොනයක් වන ලේප්ටින් නම් හොර්මොනයේ ක්‍රියාකාරීත්වය අඩපන කිරීමටත් සීනි වලට හැකියි.මේ නිසා තරබාරුකම වැඩි කිරීමේ සාදකයක් ලෙස සීනි හදුන්වන්නට පුළුවන්.

04.සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග නිතර ඇති වීම.

ශරීරයේ සීනි මට්ටම වැඩි වීම බොහෝ සෙයින් සුදු රුදිරානු ක්‍රියාකාරිත්වයට සහ ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියට බලපෑම් ඇති කරනවා.එබැවින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ට මුහුණ දීමේ හැකියාව අඩු වෙනවා.

05.කෑම රුචිය සහ රස සංවේදීතාව අඩු වීම. 

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් වැඩිපුර සීනි පරිභෝජනය කරන පුද්ගලයන්ගේ කෑම රුචිය සහ රස සංවේදීතාව අඩු බව පෙන්වා දී තිබෙනවා.

06.මොලයේ ක්‍රියාකාරීත්වය අඩු වීම.

රුදිරයේ ඇති සීනි මට්ටම වැඩි වීම නිසා මොලයට ප්‍රෝටීන සැපයීම බොහෝ සෙයින් අඩු කරනා අතර එමගින් මොලයේ ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් අඩපන කරනවා.

07.පිළිකා ඇති වීමේ ප්‍රවනතාවයන්.

ඉන්සුලින් වැඩිපුර නිපදවීම නිසාත් ශරීරය අභ්‍යන්තරයේ ඇති වන ඉදිමුම් තත්වයන් නිසාත් පිළිකා හටගැනීමේ අවදානමක්ද පවතිනවා.

මගහරවා ගන්නේ කෙසේද?

ශරීරයට සීනි ලබා ගැනීමේ හොදම ප්‍රභවය වන්නේ ස්වභාවික පලතුරුය.තම වයසට ,ශරීර බරට සහ ප්‍රමානයට සරිලන ලෙස මෙම පලතුරු ආහාරයට එකතු කර ගැනීම බොහෝ සෙයින් යෝග්‍ය වනවා.ඊට අමතරව පහත ක්‍රම මගින්ද ශරීරයේ සීනි මට්ටම පාලනක් සහිතව පවත්වාගෙන යාමට ඔබට හැකි වේවි.

  • සීනි සහිත කෘතීම ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම.
  • සීනි ආහාරයට ගැනීම ක්‍රමයෙන් අඩු කරගැනීම.
  • පැණි රස ආහාර වෙනුවට ස්වභාවික/පෝෂ්‍යදායී ආහාර භාවිතරට පුරුදු වීම.
  • සීනි ප්‍රමාණය ස්ථාවර කර ගැනීමට සහ අහාර ජීර්ණයට උපකාරී වන ආහාර පරිභෝජනයට නැබුරු වීම.
  • මේද දහන ව්‍යයාමයන්ට හුරු වීම.

මෙම ලිපිය ඔබට බොහෝ සෙයින් වැදගත් ලිපියක් වනවාට සැකයක් නැහැ.ඔබත් එසේ සිතනවා නම් මෙය තවත් අයෙකු සමග share කර ගැනීමටත් අමතක කරන්න එපා.

තොරතුරු ලබා ගත්තේ humannhealth.com වෙබ් අඩවියෙනි.

Sunday, May 21, 2017

ලෝක ඉතිහාසයේ බිහි වූ භයානක ශ්‍රේණිගත මිනීමරුවන්.

මිනිසුන්ට බොහෝ බිහිසුණු දේවල් කිරීමේ හැකියාව ඇති බවට ලෝක ඉතිහාසයේ බොහෝ සාක්ෂි තිබෙනවා.තවත් එවන් බොහෝ බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියා කිරීමට ස්වභාවයෙන්ම හුරු වූ එලෙස තවත් අයෙකුට රිදවීම හෝ සාහසික ලෙස මරාදැමීම තම විනෝදාංශය හෝ ජීවිතයේ අරමුණ කර ගත් එමෙන්ම තම අපරාද වසන් කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනා විශේෂිත මිනිසුන් පිරිසක් තමයි ශ්‍රේණිගත මිනීමරුවන්(serial killers) ලෙස හදුන්වන්නේ.අද ලිපියෙන් ලෝකයේ බිහි වූ එවන් බිහිසුණු මිනීමරුවන් කිහිප දෙනෙක් ගැන තොරතුරු විමසා බලමු.

01.H.H Holmes


H.H Holmes යනු 19 වන සියවසේ බිහි වූ ඉතා දරුණු මිනීමරුවෙක්.මිනිසුන් 200ක් පමණ සාහසික ලෙස ඝාතනය කර ඇති මොහු හෝටලයක් ලෙස තමන්ගේම වධකාගාරයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.



මොහුට අන්‍යයන්ව  වචනයෙන් තම වසගයට පත් කර ගැනීමේ විශේෂ හැකියාවක් තිබී තිබෙනවා.හෝටලයක් පවත්වාගෙන යමින් එයට පැමිණෙන අමුත්තන්ව බොහෝ සෙයින් තමන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.මෙම හෝටලය තමයි ඔහුගේ වදකාගාරය ලෙසට භාවිතා කර තිබෙන්නේ.එබැවින් එයට murder castle යන විශේෂිත නම ලැබී තිබෙනවා.

මොහු අතින් මියගිය බොහෝ පුද්ගලයන් ක්ලොරෆොර්ම් හෝ ගෑස් භාවිතා කොට හෝ ගෙල මිරිකා එසේත් නැත්නම් පහර දී ඝාතනය කොට තිබෙනවා.පසුව එම සිරුරු ඇසිඩ් භාවිතා කොට පුළුස්ස දමා ඇති අතර සමහරුන්ගේ ඇටකටු විකිණීමටත් මොහු කටයුතු කර තිබෙනවා.

2. Dennis Rader

BTK යන අනුවර්ත නාමයෙන් හදුන්වා ඇති මොහු ආරක්ෂක නලා(alarm) සවිකිරීමේ කාර්මිකයෙකු ලෙස රැකියාව කර තිබෙනවා.එහිදී මොහු ලබාගත් අත්දැකීම් භාවිතා කරමින් හොරෙන් නිවාස වලට ඇතුළු වී නිවැසියන් ඝාතනය කිරීමට මොහු පෙළබී තිබෙනවා.


විකුර්ති ලිංගික ආශාවන් ඇත්තෙකු වූ මොහු මුලින්ම පුසන් සහ බල්ලන් වැනි සතුන් ඝාතනය කොට තිබෙනවා.1974දී තම රැකියාව ලබාගත් පසු මිනිස් ඝාතනයන්ට යොමු වූ මොහු සමහර අවථාවන් වලදී තමන් කරන ලද මිනීමැරුම් පිලිභදව පොලීසියට හෝ මාධ්‍යයට පැවසීමටත් කටයුතු කොට තිබෙනවා.කෙසේ නමුත් එලෙස fox TV නාලිකාවට එවූ floppy තැටියක් යොදාගනිමින් මොහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

3. Amelia Elizabeth Dyer

වික්ටෝරියානු ජාතික කාන්තාවක් වූ මැය අනාථ ළමයින් බලාගන්නියක් ලෙස කටයුතු කර තිබුනා.තමන්ට හදාගැනීමට නොහැකි ළමුන් සිටින දෙමාපියන්ගෙන් එම ළමුන්ව බලාගැනීමට භාර ගනිමින් විශාල මුදලක් උපයා ගැනීමටත් ඇය සමත් වී තිබුනා.එලෙස භාරගත් ළමයින් සතු වටිනා ආභරණ, ඇදුම් පැළදුම් උගස් කර මුදල් ලබාගෙන පසුව ඔවුන්ව ඝාතනය කිරීමයි මැයගේ සිරිත වී තිබෙන්නේ.වසර 20ක් පමණ පුරා ඇය මෙලෙස ළමයින් 400ක් පමණ ඝාතනය කොට තිබෙනවා.


baby farming නමැති ඉහත ක්‍රියාවලියට අනුව අනවශ්‍ය ළමයින් හදා වඩා ගැනීමේ මුවාවෙන් මය මෙම ඝාතන සිදු කොට තිබෙනවා.මෙලෙස ළමයින් ඝාතනය කිරීමට ඇය යොදාගෙන තිබුනේ tape පටියක්, එයින් ගෙල සිරකොට එම අසරණ දරුවන්ව ඝාතනය කොට තිබුනා.මෙලෙස ගෙලෙහි tape පටියක් සහිත ළමුන් දෙස බලාසිටීමටත් ඇය මහත් කැමැත්තක් දක්වා ඇති බවයි පැවසෙන්නේ.මේ අයුරින් ඝාතනය කරන ළමුන්ගේ සිරුරු තමන් විසින්ම විනාශ කොට දැමීමටත් ඇය කටයුතු කොට තිබෙනවා.

4. Kenneth Bianchi

Hillside Strangler යන නමින්ද හදුන්වන මොහු රහස් පොලිස් නියෝජිතයෙක් ලෙස තමන්ව හදුන්වාදෙමින් තරුණියන් තම කාරයට නැග්ගා ගැනීමටත් ඉන් පසු තම රහස් ස්ථානයට ගෙනෙගොස් ඔවුන්ව දුෂණය කොට වධදී මරා දැමීමටත් හුරු වී සිටි අයෙක්.
කුඩා කල සිටම බොරු කීමටත් විවිධ වැරදී කිරීමටත් හුරුවී සිටි මොහු මිනී මැරීමට පෙලබී තිබෙන්නේ 1977 දී ඔහුගේ ඥාති සහෝදරයා වන Angelo Buono සමග Los Angeles නගරයට පමීනීමත් සමගයි.මොවුන් දෙදෙනාම එකතුවී තමයි ඉහත කී අපරාද සිදු කොට තිබෙන්නේ.මොවුන් දෙදෙනා විවිධ මිනීමැරීමේ ක්‍රම උත්සාහ කෙරමින් මෙම ගොදුරු වුවන්ව ඝාතනය කොට තිබෙනවා.ඉන් සමහරක් ලෙස විස එන්නත් කිරීම,විදුලි කම්පන ලබා දීම, carbon monoxide ශරීර ගත කිරීම හදුන්වන්න පුළුවන්.

5. Albert Fish

මොහු ළමා අපචාර කරුවෙක් එමෙන්ම මිනීමස් කන්නෙක් ලෙසට ප්‍රසිද්ද වූ අයෙක්.රස කැවිලි ආදී විවිධ දේ ලබා දෙමින් කුඩා පිරිමි දරුවන් ආකර්ෂණය කර ගන්නා මොහු පසුව එම පිරිමි ළමුන්ව වධදී ඝාතනය කොට තිබෙනවා.


කුඩා කාලයේ සිටම පිරිමි ළමුන් සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට පුරුදු වී සිට ඇති මොහු පසුව කුඩා පිරිමි දරුවන් හා ආබාධිතයන් පැහැරගෙන ගොස් දුෂණය කොට වදදී මරා දැමීමටත් ඔවුන්ගේ මස් අනුභව කිරීමටත් පුරුදු වී තිබෙනවා.මොහුගේ යුද වී තිබෙන්නේ මස් කැපීමට ගන්නා පිහියක්, මන්නා පිහියක් සහ අත් කියතක්.

පසුව Grace Budd නමැත්තෙකුගේ මිනී මැරුමක් සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වන ඔහු 1936 දී විදුලි පුටුවට යවනු ලැබුවා.

මෙවන් මානසික විකුර්තිතා සහිත භයානක පුද්ගලයන් අප සමාජයේත් බොහෝ සෙයින් ජීවත් වනවා ඇති,එවන් බොහෝ දෙනාට එම අසාමාන්‍ය රටා හිමි වී තිබෙන්නේ මිනිස් සමාජයේ ඇති කුරිරු භාවයට මුහුණ දීමට සිදු වූ නිසා වීමටත් බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.එබැවින් යහපත් සමාජයීය වෙනසක් තුලින් මෙවන් පුද්ගලයන් බිහි වීම බොහෝ සෙයින් වලක්වා ගැනීමට හැකි වේවි.





 

Saturday, May 20, 2017

නුතන අලි ඇතුන්ගේ මුතුන්මිත්තන් - ලොම් සහිත මැමත් සත්වයන්



woolly mammoth ලෙස හැදින්වෙන මෙම සත්වයන් බොහෝ සෙයින් දැනට ජීවත් වන ආසියානු අලියන්ට සමානකමක් දක්වා තිබෙනවා.මොවුන් ආසියානු අලින්ගෙන් වෙන් කොට දැක්වෙන ප්‍රධානම සාදකයන් වන්නේ දිගු ලොම් සහ වක ගැසුණු දිගු දල දෙකයි.එමෙන්ම මොවුන්ගේ කන් වල පිහිටීමද බොහෝ සෙයින් වෙනස් බවයි පරීක්ෂකයන් පවසන්නේ.මොවුන්ගේ දළ මෙලෙස සෑදී ඇත්තේ ඔවුන්ට ආරක්ෂා වීමටත් තණකොළ , පදුරු, ගස්වල මුල් හාරමින් හිම සහිත වටපිටාවේ තිබූ ආහාර සොයාගැනීමටත් බව මෙම පරීක්ෂකයන්ගේ මතයයි.

මොවුන් මීට වසර 10000කට පමණ මෙහිමතින් වදවී ගොස් ඇති නිසා මොවුන් පිලිබදව මිනිසුන් බොහෝ තොරතුරු දන්නේ නැහැ.එයට තවත් ප්‍රධානම සාදකයක් වන්නේ මොවුන් ජීවත් වූවායයි පැවසෙන උතුරු ඇන්ටාක්ටිකාව ආශ්‍රිත ප්‍රදේශ වල ඇති වී තිබෙන ස්වභාවික වෙනස්කම් හේතුවෙන් මොවුන්ගේ නටබුන්ද ඉතිරි වී තිබෙන්නේ අල්පයක් පමණක් වීමයි.නමුත් මියගිය ආකාරයෙන්ම මෙම සතුන්ගේ මළසිරුරු කිහිපයක් සොයාගැනීමට විද්යාඥයින් සමත් වී තිබෙනවා.එබැවින් ඉදිරියේදී මොවුන් පිළිබද වැඩිදුර විස්තර ලොවට හෙළි කිරීමටත් සමහරවිට ජාන තාක්ෂනය භාවිතා කරමින් මොවුන්ට නැවත මෙම මිහිමත ඇවිද යාමට අවස්තාව ලබාදීමටත් නුතන විද්යාඥයින් හට හැකි වෙතයි බොහෝ දෙනා විශ්වාස කරනවා.


2007 වසරේදී සොයාගත් මැමත් පැටවෙකුගේ සිරුරක්.

විශාලත්වය

ICUN(International Union for Conservation of Nature) හි වාර්තාවන්ට අනුව මැමත් සත්වයෙක් අඩි 13ක් (මීටර්4ක්) පමණ උසකින් යුක්ත වී ඇති අතර ටොන් 6ක් පමණ බරකින් යුක්ත වී තිබෙනවා.National Geographic හි වාර්තාවන්ට අනුව හෝදින් වැඩුණු සතෙකුගේ එක ලොමයක් මීටරයක් පමණ දිගට තිබී තිබෙනවා.

වාසස්ථාන

woolly mammoth සත්වයන් ශීත අදික කාලගුණයක් සහිත ප්‍රදේශයක් වන ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව ජීවත් වී තිබුනත් ඔවුන් එම භුමියට සංක්‍රමණය වී තිබෙන්නේ ඊට වඩා බොහෝ සෙයින් උණුසුම් ප්‍රදේශයක සිටයි.කැනඩාවේ Manitoba විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසන අන්දමට මැමත් සත්වයන්ගේ සහ  නුතන ආසියානු අලියන්ගේ මීට වසර මිලියන 7කට පමණ ඉහත විසූ මුතුන් මිත්තන්ගේ වාසස්ථාන වී තිබෙන්නේ අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශයයි. වසර මිලියන 4කට පමණ පසු මොවුන් දකුණු දිග යුරෝපයට සංක්‍රමණය වී තිබෙනවා.පසුව ඉන් තවත් වසර මිලියනයකට පමණ පසු සයිබීරියාවට සහ උතුරු කැනඩාවට මොවුන් සංක්‍රමණය වී තිබෙන අතර මෙම යුගයේ පොළොවේ සිදු වූ විශාල වෙනස්කම් ( ice age යුගය) නිසා අවසානයේ මොවුන් ඇන්ටාක්ටිකාව දක්වා සංක්‍රමණය වී තිබෙනවා.

පුනරාගමනයේ අනාවැකි

මැමත් සත්වයන් ගේ දේහයන් කිහිපයක් සුරක්ෂිතව හමුවී තිබීම නිසා dna තාක්ෂනය මගින් මොවුන් නැවත බිහි කිරීමට විද්යාඥයින් උත්සාහ දරමින් සිටිනවා.වසර 40000කට පමණ ඉහතදී මියගියායැයි සැලකෙන Buttercup නැමති අනුවර්ත නාමයෙන් හදුන්වන ගැහැණු සත්වයාගේ දේහය මේ සදහා බොහෝ සෙයින් යොදාගනු ලබනවා.

The Woolly Mammoth Revival නැමැති ව්යාපෘතියක් මගින් මෙම ප්‍රති නිර්මාණ පර්යේක්ෂණ පවත්වාගෙන යන අතර මෙමගින් වසර දහස් ගණනක් පුරා මිහිමත සැරිසැරූ මෙම දැවැන්තයින් නැවත මිහිමතට ගෙන ඒමට හැකිවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

livescience.com හි පලවූ ලිපියක් ඇසුරෙනි.


Saturday, May 13, 2017

රටවල් 99කට අදික ප්‍රමාණයක් ආක්‍රමණය කල සයිබර් ප්‍රහාරය.



Randsomware නමැති පරිගණක වයිරසය ගැන සමහරවිට ඔබ අසා ඇති.ග්‍රාහකයාගේ පරිගණකයේ ඇති වැදගත් තොරතුරු අඩංගු file රහස් කේතනයක් යොදා අගුලු දැමීම හා එය ඉවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලීමටත් සයිබර් අපරාදකරුවන් විසින් යොදාගන්නා මෙම වයිරසය යොදාගනිමින් කරන ලද ඉතා විශාල ආක්‍රමණයක් ගැන පසුගිය සිකුරාදා වාර්තා උනා.අද ලිපියෙන් එම විස්තරය සොයා බලමු..

ඉස්පිරිතාල, විශාල සමාගම් , රජයේ ආයතන ඉලක්ක කරගනිමින් එල්ල වී තිබුණු මෙම ප්‍රහාරයේයන් වැඩි හානියක් වී ඇත්තේ රුසියාව,යුක්රේනය සහ තායිවානය යන රට වලටයි.එමෙන්ම එංගලන්තයේ ඉස්පිරිතාල වලටත් Fedex වැනි බහු ජාතික සමාගම් කිහිපයකටත් මෙයින් බලපෑම් එල්ල වී තිබුනා.එමෙන්ම ඇමරිකාවටද මෙය පැතිරී යාමේ අවදානමක් ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Avast ආයතනය පවසන්නේ ඔවුන් සිකුරාදා දිනය ඇතුලත පමණක් රටවල් 99ක් පුරා පැතිරුණු මෙවන් වයිරස් ආක්‍රමණයන් 75000කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි.


මොකක්ද මේ?

"WannaCry," නමින් හැදින්වෙන මෙම Randsomware වයිරසය මෙයට  
ගොදුරු වන්නාගේ පරිගණකයේ ඇති වැදගත් file තම ග්‍රහණයට නතු කරගනිමින් ඒවා නිදහස් කිරීමට කප්පම් මුලදක් ලබාගැනීමට සයිබර් අපරාදකරුවන් විසින් නිපදවා ඇති අතර මෙම මුදල ලබා දීමට මෙමගින් ගොදුරු වන්නාට ලබාදෙන කාලය පැය 6ක් පමණකි.එම කාලය ඇතුලත ගෙවීම නොකළහොත් මෙය තව තවත් වර්දනය වන අතර කප්පම් මුදලේද වටිනාකම වැඩි වීමක් සිදු වෙනවා.NSA(ජාතික ආරක්ෂක ඒජන්සිය) ආයතනයේ පසුගිය මාසයේ සොරකම් කරන ලද spy tools (ඔත්තු බැලීමේ වැඩසටහන්) යොදාගනිමින් මෙම අපරාදය සිදු කරන්නට ඇති බොහෝ දෙනා විශ්වාස කරනවා.කෙසේ වුවත් මෙය පතුරවා හැරීමට යොදාගෙන ඇත්තේ microsoft මෙහෙයුම් පද්දතියේ ඇති දුර්වලතාවයක්.

microsoft ආයතනය මෙම vulnerability (දුර්වලතාවය) මගහරවා ගැනීමට සංස්කරණයක්(patch) මාර්තු මාසයේ නිකුත් කර තිබුනත් බොහෝ දෙනා එම සංස්කරණය තම මෙහෙයුම් පද්දතියට ඇතුලත් කරගෙන තිබුනේ නැහැ.දැනටත් මෙය ඇතුලත් කර ගෙන නොමැති පරිගණක අවදානම් තත්වයක පවතින බවයි microsoft ආයතන පවසන්නේ.

kaspersky ආයතනයේ ප්‍රධාන ආරක්ෂක පර්යේෂකයා වන Kurt Baumgartner පවසන්නේ මෙයට අදාළ කප්පම පැය 6ක් ඇතුලත ගෙවිය යුතු බවත් එය ආරම්භයේදී ඩොලර් 300ක් පමණ වන බවත්ය.මුල් පැය 6 ඇතුලත නොගෙවුවහොත් එය තව දුරටත් පැතිරී යන අතර ගෙවිය යුතු කප්පම් මුදල බොහෝ සෙයින් වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.එමෙන්ම මෙය සයිබර් ඉතිහාසයේ තමා දුටු විශාලතම ආක්‍රමණය බව එංගලන්තයේ ආරක්ෂක වැඩසටහන් නිර්මාණ ශිල්පියෙක් වන  Kevin Beaumont පවසනවා.


මෙය වලක්වා ගන්නේ කෙසේද?

මාර්තු මාසයේ නිකුත්කරන ලද windows සංස්කරණය තම මෙහෙයුම් පද්දතියට ඇතුලත් කර ගැනීමෙන් මෙයින්  වැලකීමට හැකි බවයි විශේෂඥයින් පවසන්නේ.මීට අමතරව හොද තත්වයේ වයිරස් ගාර්ඩ් මෘදුකාංගයක් තම පරිගණකයට ඇතුලත් කර ගැනීමෙන් සහ විශ්වාසයකින් තොර වෙබ් අඩවි වලට පිවිසීමෙන් වැළකීමෙන් මෙයින් වැලකී සිටීමට හැකි බව ඔවුන්ගේ මතයයි.

කෙසේ නමුත් ඉහත කී සංස්කරණය නොමැති පරිගණක සදහා මෙය විවිද ක්‍රමයන්ගෙන් පැතිරිය හැකියි.මෙහි ඇති විශේෂ hunter නම් මොඩියුලය නිසා මෙයට කිසිදු ආධාරයකින් තොරව පරිගණක ජාලයක් හරහා පැතිරීමට හැකියාව තිබෙනවා.(උදා:- ඔබ මෙම වයිරසය සහිත පරිගණකයකින් internet cafe ඒකක wifi සම්බන්දතාවයක් භාවිතා කරන්නේ නම් එම wifi ජාලයට සම්බන්ද අනෙකුත් පරිගණක වලටද මෙම වයිරසය ඇතුලත් වීමට ඉඩ තිබෙනවා.)

ඔබගේ මෙහෙයුම් පද්දතිය සහ ඇතුලත් කරන ලද මෘදුකාංගයන් ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම මෙවන් බොහෝ අවදානම් තත්වයන්ගෙන් මිදීමට ඇති හොදම උපක්‍රමය ලෙස ඉහත කාරනාවට සම්බන්ද බොහෝ විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඉහත කී ලෙස ඔබගේ ආරක්ෂාව තහවුරු කර නොගතහොත් ඔබත් මෙවන් අපරාදයන්හි ගොදුරක් වීමට හැකියි.එසේ වුවහොත් ඔබට සිදුවන පාඩුව අමුතුවෙන් මතක් කිරීමට අවශ්‍ය නැහැ. එබැවින් ඔබත් මෙවන් තත්වයන්ගෙන් ආරක්ෂා වී ඔබගේ සයිබර් අත්දැකීම් විදගැනීමට පරීක්ෂාකාරී වන්න.

තොරතුරු ලබාගත්තේ cnn.com වෙතිනි.